chapter-1

1.2K 182 6
                                    


වීදී ලාම්පු එකින් එක දැල්වෙන්න ගත්තා..කඩි මුඩියෙ මිනිස්සු පාරෙ එහෙට මෙහෙට ගියේ තමන්ගෙ එහා පැත්තේ මාරු වුනේ කවුද කියලා හොයන්න වෙලාවක් නෑ වගේ.පපුව පිරෙන්න හුස්මක් ගත්තෙ අවුරුදු ගානකින්.ආසම ඇමෙරිකානෝ එකකුත් බිබී මෙහෙම විදීයක් දිගේ හෙමීට හෙමීට ඇවිදන් යනකොට ඒ දැනෙන හැගීම....

"ඒයී... ඒයී....ඔය අයිස් ක්‍රීම් එකට රන්ඩු වෙන එක නවත්තනවා." ජින් ටේටයි ජිමින්ටයි කෑ ගහපු පාරට මගේ මනෝ ලෝකෙ කුඩු පට්ටම් වෙලා ගියා..පාරෙ මිනිස්සුත් කන්න වගේ අපි දිහා බලන් යනවා ජින්ගෙ කටේ සද්දෙට.ජිමිනාගේ අයිස් ක්‍රීම් එක ඉක්මනට කාලා  ඒකා ටේගෙ එකට රන්ඩු වෙනවා.නාකි වෙලත් තාම ලමා ගතිනම් ඇරිලා නැ.😂 ..

අපි Disband වෙලා අදට අවුරුද්දක්.අවුරුද්දකින්ම කට්ටිය එකට ඉන්න ලැබුනෙ නැති නිසා කතා වෙලා ඔක්කොම චීනෙට ටුවර් එකක් ආවා.disban උනා කියලා අපිට තිබ්බ ප්‍රසිද්දිය නම් අඩුවුනේ නෑ ..army ලා අපිව ඇතෑරියෙත් නෑ.වෙනදට stage එක උඩ ඉන්නකොට "suga"  ,"min yoongi",,"BTS" කියලා army ලා කෑ ගහන සද්දෙ අහන්නත් ආසයි.ඒත් මේ ජීවිතේටත් අපි දැන් හුරුවෙන්න ඕනිනෙ..චීනෙට ආවෙ නිදහසේ ටිකක් වෙන්න කියලා....නිකං..දවසම ඇවිද්දා.

ජූන් එක්ක චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගිහින් තමයි එපා වුනේ.පැයක් විතර ඇස් දෙකත් ලොකු කරන් එක චිත්‍රයක් දිහා බලන් ඉන්නවා.මොනවා එච්චර වෙලා බලනවද දන්නෑ.පොඩි එවුන් ටික නලියනවා ඒ අස්සෙ. බලපු චිත්‍රයක්  නැ උන් ටික නම්..අන්තිමට උනේ RM අපි හැමෝවම හරෝලා එවපු එක.අපිට වෙන කොහේ හරි ඇවිදින්න කියලා එලියට දැම්මා එයා ඒක බලලා එන්නම් කියලා.

  අපි 6 දෙනා කන්න දේවල් ටිකකුත් අරන් පාර දිගේ ඇවිදින්න ගත්තේ හවසට මෙහෙ හුගක් ලස්සන නිසා.ඒ අස්සෙ මේ ටේයි ජිමිනයි අයිස් ක්‍රීම් එකකට රන්ඩු වෙනවා පාරෙ මැද..කුකියි හොබියයි බඩ අල්ලන් හිනා වෙවි යනවා.මගෙ නම් මනෝ පාර කොහේ ගියාද දන්නෑ ජින්ගෙ සද්දෙට .කෑ නොගහත් බෑ කරන වැඩ වලට නම්.මීට හොදයි නිදාගත්තා නම්.මං නිදාගන්න තමයි හැදුවෙ උදෙ.. ඒත් මුන් ටික මාව ඇදන් ආවා.

"මෙහෙ හවසට නම් මාර ලස්සනයි නේද යුන්ගියා"හේසොක් කිවුවෙ කොන්ඩෙත් අතින් හදන ගමන්...

the painting❤️  ( Complete )Where stories live. Discover now