chapter-3

499 165 4
                                    


මං රූම් එකට ගිහින් ආපහු චිත්‍රෙ දිහා බැලුවා අවුරුදු ගානක් උනත් බලං ඉන්න පුලුවන්....

උදේ කෑම කන්න කියලා පහලට යන්න හිතනකොටම දොරත්  ඇරන් ඇතුලට පැන්නෙ නම්ජූන්..අනිත් ටිකත් ඒ පස්සෙන් කාමරේට පැන්නා.
""ඇත්තද ඔයා චිත්‍රයක් ගත්තා කියන්නෙ"" හරිනේ  හේසොක් සේරම කියලද කොහෙද..කොහොමත් ඉතිං ගෙදර ගිනියනකොට දකිනවනේ😕...

""කෝ බලන්න"" නම්ජූන් මාවත් තල්ලු කරන් චිත්‍රෙ ගාවට ගිහින් බැලුවා.අනිත් අයත් මැජික් බලන්න වගේ එබීගෙන බලං ඉන්නවා.

""ලක්ශ 20 කට මේක කොහොමවත් වටින්නෑ.අඩුමතරමේ ලක්ශයකටවත්..මේක නිකන් චිත්‍රයක්නෙ.
අඩුතරමේ හොද චිත්‍ර ශිල්පියෙක්වත් නෙවෙ ඇදලා තියෙන්නෙ..ඔයා  ගන්න කලින් මගෙන් අහන්න තිබ්බනෙ..

""නැහැ මං ආසාවට ගත්තෙ""

""මටනම් ඒ හැටි විශේෂයක් පේන්නෑ""

"" හා ..හා.. මැජික් බැලුවා ඇති   කට්ටිය කාලා යන්න ලෑස්ති වෙනවලා.පරක්කු වෙනවා"" ජින් යන්තන් කට්ටිය එලවලා දැම්මා.නැත්තන් කට්ටියට උත්තර බැදාලම කනක් ඇහෙන්න නෑ. කට්ටියම ගියාට පස්සෙ මම ආපහු චිත්‍රෙ දිහා හොදට බැලුවා  ............

.......අනේ මන්දා මටනම් ලස්සනයි.....

===============
ගෙදර ආපු ගමන් මම කරේ චිත්‍රෙ තියන්න තැනක් හොයපු එක.අන්තිමට living room එකේ සෝපාවට උඩින් එල්ලුවාම මුලු living room එකම එලියයි.මං නිතරම living room එකේ ඉන්න නිසා මට නිතරම පේනවත් එක්ක...

චිත්‍රෙත් එල්ලලා වොශ් එකක් දාන් ටිකක් වෙලා නිදාගත්තා.ගමන් මහන්සියත් එක්ක මට හොදටම නින්ද ගියා.නිදාගෙන ඇහැරලා කොෆී එකකුත් හදන් මම ගියේ ගෙදර බැල්කනි එකට.ඈත මුහුදු හුලග ඇවිල්ලා වදිනකොට දැනුනෙ පුදුම සනීපයක්..Disband වුනාට පස්සෙ අපි අපේම ගෙවල් වලට ගියා.මම මුහුද ගාවින් ගෙයක් ගත්තෙ මට ඕනි විදිහට නිදහසේ ඉන්න පුලුවන් හින්දා......

එක පාරටම ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.ජී සෝ..😑😑 මන් ඉවරයි....මං ආවා කියලවත් කියන්න බැරිවුනා..

"පැටියෝ""

""ඒයී..මින් යුන්ගි අඩුතරමේ ආවහම කෝල් එකක් ගන්න බැරිද?""

the painting❤️  ( Complete )Where stories live. Discover now