මගේ පියානුන්ත් මෑනියනුත් මිදුලේ ලේ විලක් මැද වැටිලා හිටියා......
මාලිගාවෙ සෙබලුන් වට කරන් එතන හිටියේ රජතුමායී සීබෙක් කුමරියයි.."කන්ග් හී දුවන්න""කියනකොටම බිම හිටපු පියානන්ගෙ පපුව පසාරු කරගෙන් ගියේ රජතුමා අතේ තිබුන ඊතලයක්.මට දුවන්න තියා පිටිපස්ස හැරෙන්නවත් වෙලාවක් තිබුනෙ නැහැ ..
රජතුමා ඇවිත් මාව මගෙ කොන්ඩෙන් අල්ලං ගෙදරින් එලියට ඇදගෙන ගියා.මගේ අන්තිම බලාපොරොත්තුව උනේ ඔරාබොනි.එයා දැං එයි දැං එයි කියලා මම වේදනාවෙන් බලං හිටියා..ඒත් ඔරාබොනි ආවෙ නැහැ.රජතුමා මගෙ කම්මුල හරහා ගහපු පාරට මට කටට දැනුනේ ලේ රහක්..මම අසරණ වෙලා සීබෙක් දිහා බැලුවත් එයත් මට විහිලුවට වගේ හිනාවෙලා අහක බලාගත්තේ මාව ගානකටවත් නොගෙන.
""උබ හැදුවෙ පැනලා යන්නද?මේ මගෙන්.""කොන්ඩෙන් අත් නොහැරම අනිත් අතින් මගෙ කම්මුල් මිරිකන ගමන් රජතුමා හයියෙන් හිනාවුනා...
රජතුමා මේ ගැන දැනගත්තෙ කොහොමද?..... """ආහ්..උබ කල්පනා කරනවද මං දැනගත්තෙ කොහොමද කියලා.මේ හැමතැනම ඉන්නෙ මගේ මිනිස්සු කියලා උබට මොහොතකට අමතක උනාද?"" මුලු ගමේම මිනිස්සු වට් වෙලා මා දිහා අසරන විදිහට බලං හිටියා.සමහරුන්ගෙ ඇස් වල කදුලු.ඒත් රජතුමාට ඉහලින් යන්න කාටවත් බැරිවුනා.
""මගෙන් පැනලා යන්න හදපු උබ බිසවක් නම් මට කොහෙමත් එපා.උබ මගේ යාලුවා උන නිසා මම උබට සැනසීමෙ මැරෙන්න දෙන්නම්.....""""
""ඔය වහ ටික ගේනවා මෙහාට"" සෙබලෙක් අතේ ගෙනාපු වහ ටික උදුරගෙන සීබෙක් එයාගෙ අතින්ම රජතුමා අතට දුන්නා..
"" බීපං""රජතුමා බලෙන්ම මට වහ දුන්නා.. "දැං සැනසීමෙ උබට මගෙන් පැනලා යන්න පුලුවන් මැරිලා..""රජතුමා මගෙ කොන්ඩෙ අතෑරලා දැම්මා..මගේ කටින් ලේ ගලාගෙන යද්දි මම එතනම දනින් වැටුනා...මට අන්තිම මොහොතෙත් මතක් වුනේ ඔරාබොනි ..""ඔයා හුගක් පරක්කුයි"".. අපි ආදරෙන් සතුටින් ගත කරපු හැම මොහොතක්ම මට මතක් වුනා.අවසානෙදි මට මතක් වුනෙ ඔයා මට ඇදලා දුන්න චිත්‍රෙ.මං අමාරුවෙන් ඔලුව උස්සලා හැරිලා බැලුවෙ ගේ දිහා.දොරටුව අතරින් අපහැදිලිව පෙනුනේ මගේ කුටිය.කුටිය තාමත් එලියයි.ඔරාබොනි ඇදලා දුන්න චිත්‍රෙත් ලස්සනට කුටියේ තාම ඇති.ඒත් එක්කම මම පන නැතුව බිමට ඇදගෙන වැටුනා.මගේ ඇස් පියවුනා...
![](https://img.wattpad.com/cover/269649928-288-k890123.jpg)
YOU ARE READING
the painting❤️ ( Complete )
Fanfictionඅනන්ත අප්‍රමාන කැප කිරීම....ආත්ම ගනන් අත්හැරීම්,යලි හමුවීම්, වෙන්වීම් හැර ...ප්‍රේමයට කොහිද තිබුනේ සදාතනික සැනසුමක්. ❤️