chapter-5

472 152 9
                                    


අපැහැදිලි ඡායාවක් මගේ පිටිපස්සෙ තිබිලා අතුරුදහන් උනා වගේ...වුන දේ හිතන්නවත් මට වෙලාවක් තිබුන්නැ.මං පිටිපස්ස හැරිලා බැලුවෙ මොනවහරි මොකක්ද බලන්න..ඒත් මුකුත් නෑ...හේසොක් නිසා මගෙ ඔලුවත් විකාර වෙලා.මං මූනත් හෝදන් පහලට ගිහින් හේසොක් එක්ක ඉක්මනට කෑම කෑවෙ කරන්න වැඩ හුගක් තිබුන නිසා.album එකේ සින්දු වගේකට melody වගයක් හදන්න තිබුනා. Lyrics වල වැඩ ගොඩ ගැහිලා.මුලු හවස් වරුම හේසොකුයි මායී ඒවා හැදුවා.ඒත් මිනිහා ඊට පස්සෙ living room එක පලාතේ ගියේ නෑ..😅

ඔක්කොම වැඩ ඉවර වෙලා හේසොක් යනකොට රෑ වුනා.මං 4න් එක ගත්තෙ ජී සෝ ට කෝල් එකක් ගන්න කියලා.දවල්.මැසේජ් එකටවත් reply කරලා නෑ.

""මොකද කරන්නෙ ජී සෝ?""

""මුකුත් නැහැ""

""ඇයි අමුතුවෙන් වගේ?අසනීපයක්වත්ද?""

""නෑ..එහෙම නැ..මට ඊයේ රෑ නින්ද ගියේ නෑ""

"" ඒ ඇයි""

""මන්දා..නරක හීන වගයක් පෙනුනා""

""ඉතිං ..ඒ තියෙද්දි අද වැඩට ගියාද?""

""හ්ම්ම්""

""නිවාඩුවක් දාන්න තිබ්බා නේද? මං කිවුවා ඕකට යන්න එපා කියලා""මං කිවුවෙ ටිකක් සැරෙන්...

""මට මහන්සියි..මං නිදාගන්නවා"" මං මුකුත් කියන්නත් කලින් ජී සෝ 4න් එක cut කලා.දැං නම් මටත් තරහ යනවා..මං 4න් එකත් දමලා ගහලා ගිහින් නිදාගත්තා...

==============

දවසින් දවස මගේ වැඩ වලට කාලෙ ගෙවුනා.මට හුස්ම ගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ ..album එකේ වැඩ වලට studio එකට shooting වලට දුව ඇවිදලම ජී සෝ වත් පොඩ්ඩක් මගෑරුනා.ඒත් පුලුවන් හැම වෙලාවකම  call එකක් හරි දීලා හොයලා බැලුවා..මේ වැඩ අස්සෙ හිතට වද දුන්නෙ ජී සෝ විකාර හීන පේනවා , හරියට නින්දක් නෑ කියපු නිසා.

පුලුවං වෙලාවක ඉඩක් හදන් ජී සෝ බලන්න දිවුවෙ එයාගෙ තත්වෙ එන්න එන්නම නරක අතට හැරෙනවා කියලා දැනුන නිසා.

මං ගෙදර යනකොට ජී සෝ සෝපා එකට වෙලා වැටිලා ඉන්නවා..හොදටම ඇදිලා ගිහින්..මං ලගට ගිහින් අතින් අල්ල ගත්තා..

the painting❤️  ( Complete )Waar verhalen tot leven komen. Ontdek het nu