chapter-6

461 149 2
                                    

""එයා ටිකකට කලින් suicide  කරගෙන.""මම එතනම බිම වැටුනෙ මොනවද මේ ඇහෙන්නෙ හිතාගන්න බැරුව.වෙන්න බෑ..ඊයෙත් මාත් එක්ක කතා කලානෙ.මට කිසිම වෙනසක් තේරුන්නෑ.

""යුන්ගියා නැගිටින්නකො ඔයාට එයාව බලන්න යන්න ඕනි නැද්ද?""

""මොනවද කියන්නෙ හේසොක්..එහෙම වෙන්න බෑ..උබ කියන්නෙ බොරු..""
ඒත් එක්කම ජිමිනුත් අපේ studio එකට ආවා..මාව දැකපු ගමන් දුවගෙන ඇවිල්ලා මාව බදාගත්තා..මටත් නොදැනි කදුලු පේලි මගේ කම්මුල් දිගේ බේරිලා පහලට වැටුනා..

""අපි යන්ද යුන්ගි බලන්න?අපි කොහොම හරි ඔයාව එක්ක යන්නම් බලන්න.නැගිටින්න..

මට උන් කියන ඒවවත් ඇහුනෙ නෑ.ඔක්කොම හීනයක් වගේ.. මේ ලෝකෙ එලියක්වත් නොදැකපු මගෙ දරුවා...😥
-----------

Hospital  එකට ගිහින් ගෙදර ආවෙ ජිමිනගෙයි හේසොක්ගෙයි වාරුවෙන්.අනිත් අයත් අපි යනකොට ගෙදරට ඇවිත් තිබුනා.මං ගියපු ගමන් කාමරේට ගිහින් දොර වහගත්තා...මගෙ ඇස් කදුලු වලින් බොද වෙලා යද්දි මන් කල්පනා කරේ මගෙ දරුවායි ජී සෝයී ගැනයි...

දවසක්ම එහෙම්ම ගෙවිලා ගියා..අනිත් අයත් ගියේ නෑ.මාත් එක්කම ගෙදර හිටියා.මගෙ හිතුමතේට මට තනියෙන් ඉන්න ඉඩ දීලා  කවුරුවත් උඩහට ආවෙ නෑ..ඒත් මම මෙහෙම ඉදලා තේරුමක් තියනවද? ජී සෝ මොනවා උනේවත් නොදැන? අවසානෙට  මම හිත හදන් පහලට ගියා...

""ජින් කන්න දෙයක් නැද්ද?""මට ඇවිදගන්නවත් පනක් තිබුන්නෑ.. ""ඉන්න යුන්ගි මේ ගේනවා මං""කිසි කතා බහක් නැතුව අනිත් අයත් මන් ගාවින් ඇවිත් වාඩිවුනා.

""මේක නිකං වුනා වෙන්න බෑ..එයාට suicide  කරගන්න කිසිම හේතුවක් තිබුන්නෑ..මට මේකෙ ඇත්ත නැත්ත දැනගන්නම ඕනි""

""හෙට මරණ පරීක්ෂණ වාර්තාව එයි යුන්ගි...අපි බලමු."" ජූන් කිවුවෙ මගෙ පිටට තට්ටු කරන ගමන්...

=====

මරණ පරීක්ෂණ වාර්තාව ආවා..ඒත් ඒකෙ සැක කටයුතු සාක්ශියක් තිබුනේ නෑ...... එතකොට ජී සෝ ඇත්තටම suicide  කරගෙනද? වෙන්න බෑ..එක පාරට කිසිම හේතුවක් නැතුවම.මගේ හිත ඇතුලෙ දාහක් ප්‍රශ්න එකින් එකට උත්තර හොයාගන්න දගලනවා.

the painting❤️  ( Complete )Where stories live. Discover now