chapter-7

447 150 3
                                    

ඒත් එක්කම චිත්‍රෙ ඇතුලෙන් එලියට අඩිය තියලා බැහැලා ආවෙ චිත්‍රෙ හිටපු ගෑනු ලමයා.....

මං බය වෙලා පිටිපස්සට ගියපු පාර මගෙ කකුල පැටලිලා මම බිමට වැටුනා...""මගේ ලගට එන්න එපා""මං නැගිටින්නෙත් නැතුව පිටිපස්සට යන ගමන් කෑ ගැහුවා..

""නෑ ඔහොම ඉන්න කරුණාකරලා මට බයවෙන්න එපා""එයා කතා කරනවා.එයගේ නිල් ඇස් ලයිට් එලියට දිලිසුනා.එයා ටිකෙන් ටික මගෙ ලගට එනවා.

""ඉ...ඉස්සරහට එන්න එපා.මගේ ලගට එන්න එපා.""

""හරි මම එන්නෙ නෑ..කරැණාකරලා මට බයවෙන්න එපා"" එයා ඉස්සරහට එන එක නැවැත්තුවා.......කහ පාට හැම්බොක් එකක් ඇදලා හරියට චිත්‍රෙ ඉන්නවා වගේමයි.සුරංගනාවියක් වගේම ලස්සනයි.මම ටික වෙලාවක් එයා දිහා වශී වෙලා වගේ බලං හිටියා.ඒත්.....එතකොට ජී සෝ කිවුවෙ ඇත්තක්ද? එයාට පෙනුන කෙනා...මෙයා කවුද? හොල්මනක්වත්ද?බැරි වෙලාවත් මගෙ ජී සෝට කරදරයක් කරේ මෙයාවත්ද?

""නැහැ.ඒ මම නෙවෙ.ඔයා හිතන්නෙ වැරදියට.මම එයාට කරදරයක් කරේ නැහැ.."" එයා අත් දෙකෙන් මූනත් වහගෙන එතනින්ම වාඩි වෙලා ඉකි ගහන්න ගත්තා.මං කතා නොකර කොහොමද මෙයාට මෙහෙම ඇහෙන්නෙ.කවුද මෙයා .😰 නපුරු ආත්මයක්වත්ද?

""නැහැ මම නපුරු ආත්මයක් නෙවෙ""

""එහෙනම් ඔයා කවුද""

""ඔරාබොනිට මාව මතක නැති වෙලා ගිහිං කාලයත් එක්ක""

මොනවා ඔරාබොනි?කවුද?මටද ඒ කියන්නෙ?..ඒත් ඇත්තටම මෙහෙම කෙනෙක් ඉන්නවා නම් ජී සෝ මට කියලා තියෙන්නෙ ඇත්ත නේද?

""නැහැ..එයා බොරුකාරියක්..එයා බොරුකාරියක් විතරමයි.ඔයා හුගක් ඇත්ත දන්නෑ ..මම නෙවෙ එයයි වැරදි මාව විශ්වාස කරන්න."" එයා ඉස්සරහට අත දික් කරේ මාව අල්ලන්න වගෙ .....

මාව අල්ලන්න එපා මගේ ලගට එන්න එපා........😑
------------------------

"" යුන්ගියා..යුන්ගියා නැගිටින්න .නැගිටින්න .ඇස් අරින්න යුන්ගි..""මම එක පාරට නැගිටලා බලනකොට මං ගාව හිටියේ හේසොක්....

""ඔයා හොදින්ද?"" හේසොක් මගෙ උරහිස් වලින් අල්ලලා හොලවන ගමන් ඇහුවා...

the painting❤️  ( Complete )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin