chapter-8

462 150 18
                                    

""ස්තූතියි අපි යන්නම්""කියලා හේසොකුත් මගේ පස්සෙන්ම ඇවිත් වාහනේට ගොඩවුනා.............

""හේසොක් ගෙදර යන්න.මට තනියම ඉන්න ඕනි""

""නැහැ මම ඉන්නම්.මට මේ වෙලාවෙ ඔයාව තනියම දාලා යන්න බැ""

""ඇයි?😡 ඔයා හිතුවද මං මට මොනවහරි කරදරයක්වත් කරගනී කියලා.අච්චර බොරුවක් කරලා මාව රවට්ටපු ගෑනියෙක් නිසා මම මොකටද මගේ ජීවිතේ නාස්ති කරගන්නෙ.ඒත් මට දුක අර අහිංසක දරුවා ගැන.කාගෙ වුනත් ඒ අහිංසක දරුවට හුස්මක් වත් ගන්න බැරිවුනා....... ඒ නිසා ඔයා දැං යන්න"" මගේ හිතේ තිබ්බ දුකටත් වඩා මගේ හිතේ තිබ්බ තරහා ලොකු වුනා.ඇත්තට මනුස්සයෙක්ට එච්චර ලොකු බොරුවක් කරන්න පුලුවන්ද? අනික මෙච්චර ආදරේ කරන මිනිස්සුම....

""නැහැ.ඒත් මට ඉන්න ඕනි""

මම ස්ටීන් වීල් එකට ඔලුව තියන් කම්මුල් දිගේ බේරෙන් කදුලු වලට ඔහේ වැටෙන්න දුන්නා..හේසොක් වීදුරුවෙන් අහක බලාගත්තෙ මාව සනසන්න එයාටවත් වචන නැතුව වගෙ...

""හේසොක් ..බොමු""මං අන්තිමට ඔලුව උස්සලා හේසොක් දිහාවත් නොබලා ඉස්සරහ බලාගෙනම ඇහුවා..අඩුතරමේ හේසොක්ගෙ මූනවත් බලන්න මට හයියක් තිබුන්නැ..

""බොමු ..මන් එලවන්නද?""

""මට පුලුවන්"" ... මට මතක බොතල් දෙකක් තුනක් හිස් වෙනවා විතරයි.ඇස් ඇරලා බලද්දි මම හිටියේ මගේ කාමරේ.ඉර එලිය ජනේලෙන් මූනට වැටිලා ඇස් අරින්නත් අමාරුයි..හේසොක් සමහරවිට මාව ගෙනත් දාන්න ඇති.ඔලුවත් හොදටම බරයි වගෙ.නැගිටින්නත් බෑ.අමාරුවෙන් නැගිටලා මම පහලට යනකොට හේසොක් tv එක බලනවා....

""නැගිට්ටද?හොදින්ද ඔයා?""

""හ්ම්ම්..පොඩ්ඩක් ඔලුව රිදෙනවා""

""ඉන්න.ජින් හියුන්ග් දොඩම් වගයක් හදලා ගියා""

""එයාලා ආවද උදේ?""

""ඊයේ අපිව ගෙදර එක්කන් ආවෙත් එයාලා.එයාලා උදෙන්ම ඔයා අහරින්න කලින් යන්න ගියා.ඔයා කෑ ගහයි කියලා""

""හ්ම්ම්ම්..ඔයත් යන්න අද ඒනම්""

""මට බෑ""

""ඇයි මෙහෙ පැලවෙන්නද හිතන් ඉන්නෙ?""

the painting❤️  ( Complete )Donde viven las historias. Descúbrelo ahora