මේ හඳ එළිය යට ඉපදුණු අපේ ආදරේ..මේ හඳ එළිය යටම වැළලෙන්න ඇරලා බලන් ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ..
මං පණ ඇරගෙන ආදරේ කරේ මේ තරමට වෛර කරන උඹටමයි කියලා මං කොහොම හිතන්නද?
ඒත් ඇත්තටම...
හිත යටින් ඇහුවොත් මම එක දවසක් හරි ඔයාට වෛර කරාද කියලා...
නෑ....
වෛර කරන්න ඕනෙ හැම දවසකම ඔයාට ආදරේ කරපු එකයි කරේ මම...
ඒ ආදරේ පිළිගන්න මම පරක්කු වැඩි ඇති..
සමහර විට මම හිතට එකඟ වෙලා ඔයාට ආදරෙයි කිව්වා නම්..
ඔයාට රිදුමක් විතරක් ඉතිරි වෙයි..
මට සමාවෙන්න සරූ..
මේ ජිමින්ට සමාවෙන්න..රිදෙව්වට සමාවෙන්න..
තනිකරාට සමාවෙන්න..
ඒ වගේම..
පුළුවන් නම්..
ඔයාට ආදරේ කරාට සමාවෙන්න..
YOU ARE READING
Love In The Moonlight | Jimin Centric | Completed
Fanfictionවෙලාවකට මගෙ හිතම මගෙන් කතා කරලා අහනවා.. "මේ හඳ එළිය යට ඉපදුණ ආදරේ උඹ මේ හඳ එළිය යටම වළලා දානවද..??" කියලා... Started - 2021.06.13 Finished - 2021.06.27