Chapter 12

1.4K 297 312
                                    

A/N

‌තේහියොන් ජන්ග්කුක් දෙන්නා හොස්පිටල් රූම් එකේ දොරවල් ඇරගෙන ඇතුළට ගියෙ වෙව්ලන කකුල් වලින්..මේ රූම් එක ඇතුළෙ ජිමින් ඇති..මාස තුනකට පස්සෙයි ජිමින්ව දකින්නෙ..ආපහු සැරයක් ජිමින් තදට බදාගන්න කොල්ලො දෙන්නගෙ හිත ආසාවෙ පොරකෑවා..ඒත් ඇතුළට ගිය කොල්ලො දෙන්නගෙ කකුල් හිටිවනම නතර වුණේ දැකපු දේ නිසා..

ජිමින්..

ජිමින් හිටියා තමයි...

ඒත්..

අඳුන ගන්න අමාරු තරමටම කොල්ලා වෙනස් වෙලා..

එක කොණ්ඩ ගහක්වත් තිබ්බෙ නෑ..

ඇහිබැමි පවා හැලිලා ගිහින්..

කොල්ලව වැහැරිලා..

රෝද පුටුවක් උඩට වෙලා කවුළුවෙන් එළිය බලාගෙන උන්නු ජිමින්ව දැක්කම කොල්ලො දෙන්නගෙ පපුව ගැහෙන එක නතර වුණා වගෙයි..නොදැනීම ඇස්වල කඳුළු නලියද්දි තේහියොන් ජන්ග්කුක් දෙන්නා මූණෙන් මූණ බලාගත්තා..කතා කරන්න ඕනෙ වුණත් එක වචනයක්වත් පිටවුණේ නැති ගානයි..

"ජි..ජිමිනා.."අන්තිමට අමාරුවෙන් ජන්ග්කුක් හඬ අවධිකරද්දි ජිමින් ඒ පැත්තට හැරුණෙ එතන හිටිය නර්ස් කෙනෙක් කොල්ලාගෙ රෝද පුටුව ඒ පැත්තට හරවපු නිසා..මොකද ජිමින්ට ඒකටවත් අත්වලට පණක් තිබ්බෙ නෑ..ජිමින්ගෙ මූණෙ තිබ්බෙ හරිම සන්සුන් පුංචි හිනාවක්..හොස්පිටල් යුනිෆෝම් එක නිසාදෝ මන්දා කොල්ලට හුඟක් දුර්වල විදිහටයි පෙනුනෙ..කොල්ලො දෙන්නා පැනපු ගමන් ජිමින්ව වැළඳ ගත්තා..කොල්ලො දෙන්නා නම් ඇති තරමට කඳුළු හැලුවා..ඒත් ජිමින්..කොල්ලා කිසිම ගානක් නැතුව කොල්ලො දෙන්නගෙ හිත හදන්න උත්සහ කරා විතරයි..ජිමින් නම් උන්නෙ හැඟීම් දැනීම් නැති ගානට..

"ජිමිනා..ඇයි..ඇයි උඹ ගියෙ?ආ..දන්නවද අපිට කොහොමද දැනුනද කියලා ඒක?"තේහියොන් ඇහුුවෙ ‌ජිමින්ගෙ මූණ අතගාන ගමන්..ජිමින්ගෙ රැලි මතුවුණ මූණෙ කිසිම වේදනාවක් තිබුණෙ නෑ..අසීමාන්තික විදිහට වේදනාවන් විඳලා ඒ හැමදේටම කොල්ලා හුරු වෙලා වගේ..

"මං කිව්වනේ..ඇස් පියාගන්න කලින් උඹලව බලන්න එන්නම් කියලා..මට බැරි වුණත් උඹලා ආවානෙ..කුමාවෝ.."ජිමින් කිව්වෙ පොඩි හිනාවක් අස්සෙන්..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now