Chapter 5

736 221 102
                                    

A/N

දවසින් දවස ජිමින් සරන්ග් දෙන්නගෙ බැදීම වැඩිවුණේ යාළුකමට එහා ගිය හැගීමක් දෙන්නගෙම හිත් ඇතුළෙ ඇතිවෙද්දි..ඒත් කිසිම වෙලාවක දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ හැඟීමට ඉඩදෙන්න බය වුණා..ජිමින්ට වගේම සරන්ග්ටත් එයාලගෙම හේතු තිබුණා..

"ජිමින්..මට ඔයාගෙන් ඉල්ලන්න උදව්වක් තියෙනවා.."සරන්ග් කිව්වෙ එයාලා හැමදාම හමුවෙන තැනදි..තවමත් කෙල්ල ඉන්නෙ මූණ වහගෙනමයි..කොහොම පෙන්නන්නද තමන්ගෙ මූණ?

"උදව්වක්? ඒ මොකක්ද?"ජිමින් කෙල්ල දිහාට හැරුණා..සරන්ග් ජිමින්ගෙ පැත්තට දික් කළේ පොඩි පෙට්ටියක්..කොල්ලා ඒක අතට අරගෙන ඇතුළට එබුණා..ජිමින්ගෙ ඇස් පුදුමයෙන් ලොකු වුණේ ඇතුළෙ තිබ්බ දේ දැකලා..

ඇතුළෙ හිටියෙ පුංචි පූස් පැටියෙක්..කොල්ලා ඒ පූස් පැටියව අතට ගත්තා..ජිමින් පූසන්ට ආදරෙයි..ගොඩක්..කොල්ලා පූසව පපුවට තුරුළු ගත්තෙ පූස් පැටියගෙ ලොම්වල රස්නෙ විඳගන්න අතරෙ..

"කවුද මේ?"ජිමින් ඇහුවෙ කොල්ලව හුරතල් කරන අතරෙ..මේ දිහා කෙල්ල බලාගෙන හිටියෙ ආදරෙන්..

"එයා චිමී.."කෙල්ල කිව්වා..ජිමින් කෙල්ල දිහා හැරුණෙ පුදුමෙන්..හුරුපුරුදු නමක්..

"චිමී??"කොල්ලා ඇහුවෙ පුදුමයෙන්..

"දේ..මගෙ අක්කා තමයි මෙයාට ඒ නම දැම්මෙ.."සරන්ග් කිව්වෙ හිනා වෙවී..

"ඔහ්..ඔයාට අක්කා කෙනෙකුත් ඉන්නවද?"කෙල්ල හිනාවුණා...

"හ්ම්ම්..අපේ ඔම්මයි අප්පයි කැමති නෑ මෙයාව ගෙදර තියාගන්න..ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් මෙයාව තියාගන්න?"සරන්ග් ඇහුවා..ජිමින් තවපාරක් පූස් පැටියගෙ සනීප ලොම් අස්සෙන් ඇඟිලි යැව්වා..

"අනිවාරෙන්ම..මං මෙයාව බලාගන්නම්..ඔයා වෙනුවෙන්.."ජිමින් කිව්වා..

"කුමාවො ජිමින්.."සරන්ග් හිනාවෙලා කොල්ලගෙ අත අල්ලගත්තා..ජිමින් ඒ ක්ෂණික ප්‍රතිචාරයෙන් ගැස්සුණත් කොල්ලා ඒකට විරුද්ධ වුණේ නෑ..

ඒත් මොකක්දෝ හේතුවකට...

කොල්ලට හිතුණා ඒක වැරදියි කියලා..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now