Chapter 4

756 229 117
                                    

A/N

"චිමී..චිමී ඔහොම ටිකක් ඉන්නකෝ..අනෙ චිමියො...ඔහොම ඉන්නවකෝ..."තමන්ව ගනන් නොගෙන ඉස්සරහට යන කොල්ලා පස්සෙන් ඇදෙන ගමන් ජියා කෑ ගැහුවා..ජියාගෙ කෑ ගැහිල්ල කනකටවත් ගන්නෙ නැතුව ජිමින් ගාවට දුවපු ජියා කොල්ලගෙ අතින් අල්ලගන්නකොට කොල්ලා වේගෙන් අත ගසලා දැම්මෙ ගිනි පුපුරන ඇස්වලින්..ඒත් ජියාට ඒක ගානක්වත් නෑ වගේ..

"චිමී..මොකක්ද වෙලා තියෙන්නෙ ඔයාට?"ජියා ඇහුවා..

"මට මොකද වෙලා තියෙන්නෙ කියන එක තමුසෙට මොකටද?මගෙන් ඈත් වෙලා ඉන්නවා.."ජිමින් ගිගුරුවෙ කෙල්ලව බිත්තියට හේත්තු කරන ගමන්මයි..

"චිමී..චේබල්..මට මෙහෙම කරන්න එපා..මගෙ හිත ගොඩක් රිදෙනවා එතකොට..අපි යාළුවො නේද? ඇයි මගෙන් පලිගන්න හදන්නෙ?"ජියා ඇහුවෙ කොල්ලගෙ මූණ දිහා බලාගෙන..නොකිව්වට..නොපෙන්නුවට ජියාගෙ හිත ඇතුල ගිනි ගන්නවා..

"තමුසෙගෙ හිත විතරද රිදෙන්නෙ? මට හිතක් පපුවක් නැද්ද?ඇත්තටම..මට හිතක් නැත්නම් හොඳයි කියලා හිතුන වාර අනන්තයි..හැම ඇත්තක්ම දැන ගෙනත් ඇයි තමුසෙ මේ විදිහට හැසිරෙන්නෙ?"ජිමින් කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලගත්තෙ තිබ්බ තරහටමයි..

"චිමී මියන්හේ..."කෙල්ල කිව්වෙ බිම බලාගෙන..

"හහ්..සමාව?තමුසෙට මම කොහොමද මම සමාව දෙන්නෙ ජියා?කියපන්..උඹලා ඔක්කොම මිනීමරුවො..තමුසෙ මගෙ යාළුවා නිසයි මම මෙච්චරවත් ඉවසන්නෙ..මට තමුසෙව අප්පිරියයි.."ජිමින් ඇගිලි අතරට තවත් කෙල්ල‌ෙ බෙල්ල හිර කරගත්තා...

"ඇයි මාව එකපාර මරලා දාන්න බැරි චිමී?ඔයාට මං ගැන තියෙන තරහාට ඇයි මරලා දාන්නෙ නැත්තෙ මාව?"ජියා කොල්ලගෙන ඇහුවෙ හරිම ස්ථිර කටහඩකින්..කෙල්ලගෙ තියුණු ඇස් එල්ලවෙලා තිබුණෙ ජිමින්ගෙ ඇස්වලටමයි..

"තමුසෙව මරලා දාන්නෙ නැත්තෙ උඹලා හැමෝම විදවන්න ඔිනෙ නිසා ජියා..තමුසෙගෙ අප්පා,ඔම්මා,තමුසෙ ඒ වගේම ජීහිත්..උඹේ නංගිත් විදවන්න ඔිනෙ..හැම අතින්ම.."ජිමින් කිව්වා..වෛරයෙ  ගින්දර කොල්ලගෙ හිත වහගෙන පැතිරිලා..ඒත්.යාළුකමට වටිනාකමක් දීලයි කොල්ලා ඉවසන්නෙ..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now