Chapter 9

647 208 75
                                    

Jimin's View

ජන්ග්කුක් කියපු දේත් එක්ක මං හිටියෙ කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරුව..කොහොමද දෙයියනේ ඒක විශ්වාස කරන්නෙ?මං මෙච්චර කාලයක් ආදරේ කරේ..මේ වගේ වෛර කරපු එයාටමයි කියලා මං කොහොමද හිතන්නෙ මම?

ඇයි..

මට බැරිවුණේ ඒ සමානකම් දකින්න?

මැදිවෙලා හිටිය හිත් දෙක...

එක්කෙනෙක්ගෙමයි කියලා..

විශ්වාස කරන්න පුළුවන්ද?

පුරුද්දට වගේ එයා මාව පිටිපස්සෙන් බදා ගන්නකොට මට දැනුනෙ දුකක්..හැමදාම මෙතැනට වෙලා ඇඬුවෙ එයාද?අපිවත් හිනස්සලා හිනාවෙලා ඉන්න කෙල්ල මේ තරම් දුකක් හිතේ තියාගෙන ඉන්නවද?

"ඉතිං ඔයා හොඳින් ඉන්නවද ජියා?"මට තවත් මේ රඟපෑමට යටත් වෙන්න බෑ..ඒක අහපු ගමන් එයා මගෙන් ඈත් වුණේ ඊතලයක වේගෙන්..

මම එයා දිහාට හැරුණා..එයාගෙ ඇස්වල කඳුළු..අපි හම්බුණ පළවෙනි දවසෙ වගේම..මට ඒ කඳුළු නිසා පුදුමාකාර වේදනාවක් දැනුනෙ..

ඇයි මැණික මාව මේ විදිහට රැවැට්ටුවෙ?ඇයි මට මෙහෙම කරේ ඔයා?

මම එයාව ගහට හේත්තු කරගෙන ඇස් දෙකට එබුණා..හැමදාම වගේ මූණ වහගෙන..මම එයා දාගෙන හිටිය මාස්ක් එක ගලවලා විසිකරා..ඒ එයා නොවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරත් ඒ එයාමයි කියන්න මං දැනගෙන හිටියා..

වෙව්ලන තොල් එක්ක එයා බලාගෙන හිටියෙ මගෙ දිහා..ඇස් වලින් ගලන කඳුළු ඒ ඇස්වලට බර වැඩියි..ජියාගෙ ඇඬුම ඉකියක් වුනේ මං එයා දිහා බලන් ඉන්නකොටමයි..

ජියා කියලා කතා කරන්නද...

සරූ කියලා කතා කරන්නද...

මට තේරෙන්නෙ නෑ..

"ඇයි මට මෙහෙම කරේ ජියා?ඇයි මාව රැවැට්ටුවෙ?"මං ඇහුවා..එයාට උත්තර නැතුව ඇති..ඒ නිසා වෙන්න ඇති මං දිහාම නිහඬව බලාගෙන හිටියෙ..

"චි..මී.."එයා මුකුත් කියන්න කලින් මං අතින් එයාගෙ කට වැහුවා..මට නිදහසට කාරණා අවශ්‍ය නෑ..එයා මාව රැවැට්ටුවා..මගෙ ආදරේ විහිළුවට ගත්තා..එච්චරයි..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now