Chapter 11

684 213 66
                                    

A/N

සුදුමැලි වෙලා ගිය මූණෙන් ඇඳ උඩ ඇස් පියාගෙන ජිමින් හිටියෙ නින්දක..නෑ..කොල්ලට තවම සිහිය ආවෙ නෑ..බිංදුවෙන් බිංදුව සේලයින් කොල්ලගෙ සිදුරු කරපු අත දිගේ ඇඟට ඇතුළු වෙන දිහා තේහියොන් බලාගෙන හිටියෙ ඉකි ගහන ගමන්...එතකොට ජන්ග්කුක්..කොල්ලා හොඳටම අඬනවා..ඇස් පියාගෙන ඉන්න ජිමින්ගෙන් සමාව ඉල්ල ඉල්ල කොල්ලා අඬනවා..

"අනේ ජිමිනා..චේබල්..නැගිටපන් බං..මට සමාවෙයන්..උඹට ගැහුවට සමාවෙයන්..නැගිටලා කියපන් මේ හැමදේම බොරු කියලා..ආ..මේ උඹ විහිළුවක් නේද කරන්නෙ?උඹ අපිව දාලා යන්නෙ නෑ නේද?"ජන්ග්කුක් ජිමින්ගෙ පපුව උඩින් ඔළුව තියාගෙන ඇඬුවත් ජීමින් ඇස් ඇරියෙ නෑ..තේහියොන්ගෙ අතේ තවමත් අර සුදු කොළේ රැඳිලා තිබ්බා..

ඒ සුදු කොළේ..

ලියවිලා තිබ්බෙ...

ජිමින්ගෙ ජීවිතය..

ඒ තිබ්බෙ..

පාර්ක් ජිමින්ගෙ වෛද්‍ය වාර්තාව..

"පුතා..ඔයාලා ජිමින්ගෙ කවුද?"කරුණාව පිරුණ කටහඬක් ඇහෙද්දි කොල්ලො දෙන්නා බැලුවෙ ඒ දිහා..එතන හිටියෙ ඩොක්ටර් කෙනෙක් එක්ක නර්ස් කෙනෙක්...හැමෝගෙන්ම හංගපු රහස දැනගෙන හිටියෙ මේ ඩෝක්ටර් වගේම නර්ස් විතරයි...

"අපි එයාගෙ අයියලා.."තේහියොන් කිව්වෙ ජිමින්ගෙ කොණ්ඩෙත් අතගාන ගමන්..

"ඒ කියන්නෙ..ඔයාලා නේද තේහියොන්,ජන්ග්කුක් කියන්නෙ?"ඩොක්ටර් අහද්දි කොල්ලො දෙන්නා කඳුළු පිහාදාගෙන ඩොක්ටර් දිහා බැලුවෙ ප්‍රශ්න දාහක් හිතේ තියාගෙන..

"ඩොක්ටර්..අපිව??"තේහියොන් අහද්දි ඩොක්ටර් හිනා වුණා..ඩොක්ටර් ඇවිත් කොල්ලො දෙන්නා ගාවින් වාඩි වුණා...

"මම දන්නවා පුතා..ජිමින් හැමවෙලේම ඔය දෙන්නා ගැන කියනවා...එයා කියනවා ඔය දෙන්නව එයාට කිසිම දවසක යාළුවෝ වගේ දැනුනෙ නෑ කියලා..හැමදාම ඔයාලව එයාට දැනුනෙ සහෝදරයො දෙන්නෙක් වගේ කියලා එයා මට කියලා තියෙනවා.."ඩොක්ටර් කියන දේ අහගෙන හිටිය කොල්ලො දෙන්නගෙ ඇස් කඳුලින් බර වෙන්න ගියෙ තත්පර ගානයි..

"අපේ ජිමින්ට කොහොමද ඩොක්ටර්?"ජන්ග්කුක් අහද්දි ඩොක්ටර් බිම බලාගත්තෙ බලාපොරොත්තු කඩ වුණ බැල්මකින්..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now