Chapter 8

637 212 104
                                    

A/N

ජිමින්,ජන්ග්කුක්,තේහියොන් තුන්දෙනා සාලෙ පුටුවලට වැටිලා නිදි..කොල්ලො තුන්දෙනාගෙම ඇස්වල වේලිලා ගිය කඳුළු පාරවල්..මුළු රෑම ඒ තුන්දෙනා ඇඬුවා..වෙරිමතින් හරි මෙච්චර කාලයක් හංගපු ඇත්ත ජිමින් කොල්ලො දෙන්නට කියද්දි උන් දෙන්නා ඇඬුවා..

යාළුවා වෙනුවෙන්..

සහෝදරයා වෙනුවෙන්..

තේහියොන් යන්තමට ඇස් ඇරියෙ දොරට ගහන සද්දයක් ඇහිලා..අනිත් දෙන්නට නොදැනෙන්න කොල්ලා නැගිටලා ගිහින් දොර ඇරියා..දොර ගාව හිටගෙන හිටියෙ..

ජියා..

"ජියා..උඹ?"තේහියොන් පුදුමයෙන් වගේ කතා කරා...ජියා තේහියොන් දිහා බලාගෙන හිටියෙ පසුතැවීම පිරුණ බැල්මකින්..

"චිමීට කොහොමද දැන්?"ජියා ඇහුවෙ බිම බලාගෙන..

"එන්න ඇතුළට.."තේහියොන් කිව්වා..

"මට බෑ ටේ..කියන්නකො ජිමින් හොඳින් නේද?"කෙල්ල ආයෙත් ඇහුවා..

"හ්ම්ම්..මං මොකක්ද දෙන්න ඕනෙ උත්තරේ කියලා මට තේරෙන්නෙ නෑ.."තේහියොන් කිව්වෙ බෙල්ල අත ගගා..

"ටේ..අපි ටිකක් කතා කරමුද?"ජියා ඇහුවෙ බාල කටහඬකින්..වෙනදට ඉවරයක් නැතුව කියවන කෙල්ල අද මෙහෙම ඉන්නකොට තේහියොන්ටත් අවුල් ගියා..

"හරි..වරෙන්කෝ.."තේහියොන් දොරත් වහගෙන ජියා එක්ක ගාඩ්න් එකට ගියා..කෙල්ල ඇවිත් තාප්පෙට හේත්තු වෙද්දි තේහියොනුත් ඇවිත් කෙල්ල ගාව හිටගත්තා..

"ඊයෙ මොකද වුණේ කියලා උඹ දන්නවා ඇති නේද?"ජියා ඇහුවා..

"හ්ම්ම්..ඒත්..ජිමින් මේ වෙනකම් මේ කිසිම දෙයක් ගැන අපිට කියලා නෑ..ඌ ඊයෙ රෑ බීලා කියවපු දේවල් නිසයි අපිත් මේවා දැන ගත්තෙ.."තේහියොන් කියද්දි කෙල්ල කොල්ලා පැත්තට හැරුණෙ පුදුමයෙන් ඇස් ලොකු කරගෙන..කෙල්ල හිතුවෙ ජිමින් හැම දෙයක් ගැනම කොල්ලො දෙන්නට කියන්න ඇති කියලා..කෙල්ලගෙ ඇස්වලට කඳුළු ඉනුවෙ ඉබේටමයි..

"ඒයි..මොකද මේ?"තේහියොන් ඇහුවෙ කෙල්ලගෙ කඳුළු පිහිදාන අතරෙ..මීට කලින් කෙල්ල අඬනවා කිසිම දවසක කොල්ලා දැකලා නෑ..මොකද ජියා කියන්නෙ හිත හයිය චණ්ඩි කෙල්ලෙක්..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now