Chapter 6

675 214 52
                                    

Jimin's View

මම හිටියෙ සරූ එක්ක අත්වැල් පටලගෙන..පුරුදු විදිහටම හඳ එළිය අපි දෙන්නව වහගෙන හිටියෙ..සරූ මගෙ උරහිසෙන් ඔළුව තියාගත්තා..මං හිනාවෙලා එයාගෙ ඔළුවට පුංචි හාදුවක් දුන්නෙ එයාගෙ අත් මගෙ වැලමිට වටේ එතෙද්දි..

"ජිමින්...මං ආසයි..අර හඳට යන්න.."සරූ මට පෙන්නුවෙ ඈත තියෙන පුරහඳ..මං එයා දිහා බලලා හූඩි එකෙන් එළියට පැනපු කොණ්ඩ කෑලි හදලා හිනාවුණා..

"මමත් ආසයි..මං නැති දවසකත් ඔයාට ඒ හඳ මාව මතක් කරලා දෙයි.."මං එයාගෙ කනට මිමිණූවා..

"ආයිෂ්..මොනවද මේ කියවන මෝඩ කතා ජිමින්..යන දවසට දෙන්නම යමු.....තනියම නම් යන්න දෙන්නෙ නෑ මම.."සරූ කටත් ඇදකරගෙන කියද්දි මං එයාගෙ මාස්ක් එකෙන් වැහුණ මූණ අල්ලගත්තා..ඒ ඇස් ලස්සනයි..මං ඒ දිහා කොච්චර වෙලා බලන් හිටියද කියලා මං දන්නෙ නෑ..

"තව කොච්චර වෙලාවක් මං දිහා බලන් ඉන්නද කල්පනාව?"මං ආයෙත් හරි සිහියට ආවෙ එයාගෙ පුංචි කටහඬින්..

"ඔින තරම් වෙලාවක් මං ඔයා දිහා බලාගෙන ඉන්නවා.."මං කිව්වෙ එයාගෙ ඇහිපිහාටු උඩ හාදුවලින් තෙමන අතරෙ..එයා මගෙන් ඈත් වුණේ විදුලි වේගෙන්..හේතුව දන්නෙ නෑ..එයාගෙ ඇස්වල කදුළු පිරිලා..ඇයි කියලවත් හිතාගන්න බැරුවයි මං හිටියෙ..විශ්වාසයි මං හිත රිදෙන මුකුත්කිව්වෙ කෑ..ඒ ඇස්වල තිබ්බෙ සමාව ඉල්ලන පෙනුමක්..එයා අඩියෙන් අඩිය පස්සට ගියා..සරූ පස්සෙන් පස්සටම ගිහින් පාර මැදටම වුණා..හිතන්නවත් වෙලාවක් නොතියා වේගෙන් ආපු සුදුපාට එළියත් එක්ක එයාව පාර අයිනට විසි වුණා...

මං දැක්කෙ...

පාර අයිනෙ ඇස් පියවිලා..

වැටිලා හිටිය සරූගෙ..

නළල දිගේ ලේ පාරක් ගලාගෙන එනවා විතරයි...

********

"සරූ.."මං නැගිට්ටෙ කෑ ගහගෙන..මගෙ මුළු ඇගම දාඩියට පෙගිලා..මං වේගෙන් හුස්ම ගන්න ගමන් නයිට් ස්ටෑන්ඩ් එක අතපත ගෑවෙ වතුර වීදුරුව හොයාගන්න..අතට ගත්ත වතුර එක බීලා ඉවර වෙද්දි මගෙ බෙල්ල පුරාම වතුර බේරෙනවා..

දෙයියනේ..

මගෙ සරූට මොකද වුණේ?

ඒක...

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now