Chapter 1

1.6K 303 37
                                    

A/N

සීතල හුළඟත් එක්ක බූසාන් නුවර පුරාම පැතිරුණ වැස්සක ලකුණු ගතට වගේම හිතටත් ගේන්නෙ ලොකු සුවයක්..කලබලකාරී නගරයේ අහම්බෙන් වගේ තියෙන නිදහස් වීදියක ජැකට් එකක්වත් නොදා සීතල වෙච්ච ශරීරයත් එක්ක පාර්ක් ජිමින් පාර දිගේ ඇවිද්දෙ කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන..පාර වහගෙන වැටිලා තිබ්බ ලා රෝසපාට චෙරිමල් උඩින් හිතක් පපුවක් නැති ගානට අඩිය තිය තිය කොල්ලා ඇවිද්දෙ මල මිණියක් ගානට..

කොහෙ යනවද..මොනවා කරනවද කියන එක ගැන කොල්ලට කිසිම අදහසක් නෑ..හඳ එළිය ගස් අස්සෙන් එබිකම් කරලා පාර දිගේ හෙවණැලි මවද්දි කොල්ලා හීන් සීරුවෙ ඉස්සරහට ඇදුණා..ලා පාට සෞම්‍ය හඳ එළියට පිටදීගෙන ජිමින් පාර අයිනෙ තිබ්බ පොඩි ගැට්ටෙන් වාඩි වුණේ පපුවත් අල්ලගෙන..

ඒ දුකටද?

එහෙමත් නැත්නම්..

මහන්සියටද?

බිම බලාගෙන කල්පනා කරපු ජිමින් සාක්කුවෙ තිබ්බ හතරට නවපු ⁣සුදු පාට කොළේ අතට ගත්තා..පාර අයිනෙ තිබ්බ ලයිට් කණුවෙන් එන පොඩි ආලෝකයෙන් විසිවෙනි වතාවටත් ඒ කොළේ ලියවුණ දේවල් කියවපු කොල්ලා ඒ කොලේ අතේ පොඩි කරගෙනම ඔළුව බිමට නවා ගත්තා..

ටිකෙන් ටික ඇස්වලට පිරුණ කඳුළු බිංඳුවලින් ඇස් දෙක පිරෙද්දි කොල්ලා බොඳ වුණ ඇස්වලින්ම අහස දිහා බැලුවා..

ජිමින්ට හිතුනෙ ලස්සනට පායලා දිලිසෙන හඳ පවා ⁣කොල්ලට ඔච්චම් කරනවා වගේ..මුළු ලෝකෙම කොල්ලට විහිළුවක් වෙද්දි කොල්ලා කඳුළු පිහිදාගෙන ලොකු හුස්මක් හෙලුවා..

"ඔම්මා..මට ඔයාව මතක් වෙනවා.."කොල්ලා මිමිණුවෙ අහස දිහා බලාගෙන..

එකපාරටම කොල්ලගෙ ෆෝන් එක හඬ තලන්න ගත්තෙ කොල්ලගෙ කල්පනාව බිඳලා දාලා..

"ඔම්මා.."කොල්ලගෙ මූණට යන්තම් හිනාවක් ආවෙ ඒ කතා කරන්නෙ කවුද කියලා..

"ඔම්මා..මං ඔයාව මතක් කළා විතරයි.."කැඩුණු කටහඬින් කොල්ලා කිව්වා..

"ඕ..පුතා..ඔයා හොඳින්ද? ඔයා ඇඬුවද?"ඔම්මගෙ ආදරණීය කටහඬ ඇහෙද්දි කොල්ලා ඉකිබිඳුම නවත්තගත්තෙ අමාරුවෙන්..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now