පලමු දිග හැරුම.....📜

486 84 183
                                    

මදක් ඈතින් ඇහුණු පුරාවිද්‍යා කැණීම් ප්‍රදේශයේ සද්දේ ඇරුණම මුළු පරිසරයෙම රජ කරමින් තිබුණේ ලොකු නිහැඬියාවක්. ඒක යන්තම් හරි බිඳලා දැම්මේ විටින් විට කැණීම් භූමිය ගාව තිබුණු කැලෑවෙන් ඇහුණු වන සතෙක්ගේ හඬින්.

හවස තේ වෙලාව වෙනකම්ම කැණීම් කටයුතු කරත් කිසිම පුරාවස්තුවක් තියා ඒ අහලකින්වත් යන කිසිම දෙයක් හමු නොවීම පුරාවිද්‍යාඥයන්ගෙ නොසතුටට හේතු වී තිබුණා. ඒ වගේම ඔවුන්ගේ කණ්ඩායම භාර ප්‍රධානියා දවසම ඉවර වෙන්න ගිහින් තිබුණත් කැණීම් කරන භූමියට ඇවිත් නැති එක තවදුරටත් ඔවුන්ගේ නොසතුටට වගේම තරුණ ප්‍රධානියා ගැන තිබුණු අප්‍රසාදයත් තව තවත් වැඩි කළා.

"අද නම් ප්‍රොෆෙසර් විජේවර්ධන එන එකක් නැහැ වගේ." තේ බොන්න ගියපු වෙලාවේ එතන හිටපු බාලම කෙනා උන අශාන් එහෙම කිව්වේ එයාගේ ජේෂ්ඨයෝ ටිකට. එයා බාලම කෙනා වුණත් එතන තුන්වෙනියට වැඩිපුරම බලයක් තිබුණේ එයාට.

"ගෙවල්වල වැඩ බලාගන්න ඕන කට්ටිය මේ වගේ ඉහල තනතුරු වලට පත් වුණාම මෙහෙම වෙනවා" එතන දැනට බලය තිබුණු ජෙෂ්ඨ පුරාවිද්‍යාඥ Professor ලොකුහෙට්ටි එහෙම කිව්වේ තමන්ට ලැබුණු කහට එක උගුරට දෙකට බීල දාන ගමන්.

"ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ තරමට කියල කතාවක් තියනවනෙ මිස්ට ලොකුහෙට්ටි"  ජේෂ්ඨ කැණීම් සහයක මිස්ටර් කලුහේවා එයාලගේ කතාවට හවුල් වුණේ එහෙම.

"ඉස්සර ගෑනු අයට කුස්සියෙන් එළියට එන්න දුන්නෙ නැත්තෙ ඔය නිසා වෙන්න ඕන" මිස්ටර් ලොකුහෙට්ටි ආයෙමත් එහෙම කිව්වා.

"චහ්." අශාන් එයාගෙ උගුරින් හඬක් පිට කරේ සමච්චලයට වගේ. අශාන් කියන්නේ අසාධාරණයට අකමැති සමානාත්මතාව ඉහළින්ම අගය කරන කෙනෙක්. ඉතින් එයා එයාගේ ජේෂ්ඨයෝ ටිකට අප්‍රසාදය පල කරපු එක අහන්නත් දෙයක් ද? "ඔහේලට තියෙන්නේ හරිම පටු දෘෂ්ටි කෝණයක්නේ. දැන් බලන්න රටේ ලෝකෙ ගොඩක් ඉහළ තනතුරු දරන්නේ ගෑණු අය." 

"ඒක හරි මිස්ට අශාන්. ඒත් ඉස්සර ඉදලම ගෑනු අය ප්‍රමුඛ තැන ගත්තු තැන්වල කොච්චර අවුල් වෙලා තියෙනවද? ඒකට හොඳම උදාහරණය අනුලා බිසව" තමන්ගෙ හකුරු කෑල්ල එක කටට ගිලලා දාන ගමන් කැණීම් සහයක කපිල එහෙම කිව්වා.

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now