සවැනි දිග හැරුම.....📜

169 49 60
                                    

අශාන් යොහානිව බලෙන්ම hospital එකට ඇදන් ගියා. යොහානිගේ අකමැත්ත නොතකාම එයාට සිහිය නැති කරල කෙල්ලගෙ අතේ තුවාල වුණු තැනට මැහුමුත් දම්මලා. ඉතින් යොහානි එයාගේ හොඳම යාළුවත් එක්ක කේන්තියෙන් ඉන්න එක අහන්නත් දෙයක්ද? ඒත‍් ඇත්තම කිව්වොත් කෙල්ල නම් යටි හිතෙන් ගොඩක් සතුටු වුණා මැහුම් දාන වෙලාවේ එයාට සිහිය නැතුව තිබුණු එකට. ඒත් ඉතින් ඒක පෙන්නලා එයාගෙ ආත්මාභිමානය නැති කරගන්න බැහැනේ.

මැහුම් දාන්න ගන්න ඒ වක්‍ර උන ඉදිකට්ට දැක්කත් ඇති යොහානි පණ බයේ දගලන්න. මොකද එයා ඒ තරමටම ඒවට බයයි. සිහිය නැති කරල ඒ දේ කරපු එකට කෙල්ල යටි හිතෙන් හොඳටම සතුටු වුණා.  ඒත් තමන්ගෙන් අහන්න නැතුව බලෙන් සිහිය නැති කරපු එකට කෙල්ල හිටියේ ටිකක් විතර කේන්තියෙන්. එකට වන්දියක් විදියට යොහානි බර ගානක ice cream කොත්තු එකකට අශාන්ට දඩේ ගැහුවත් එයා දැනං හිටියේ නැහැ අශාන්ගේ පර්ස් එක සන්තකේටම තිබුනේ එච්චරයි කොල්ලා cards ඔක්කොම දාලා ඇවිත් කියලා.

කොහොම හරි දෙන්නා මේ වලි අස්සේ ආපහු පුරාවිද්‍යා කැණීම් කර කර හිටපු බිම ගියා. අශාන්ට call එකක් ඇවිත් කොල්ලා ජීප් එක නවත්තලා තිබුනු තැනට ගියේ එයාගේ ෆෝන් එක ගන්න. හවස් වේගෙන එන නිසා ආපු සීතලත් එක්ක යොහානි තව ටිකක් එයාගේ ජැකට් එකට ගුලි වුණේ ටිකක් උණුසුම් ඇඳුමක් ඇඳන් ආවේ නැති එකට එයාට ම දොස් කියා ගන්න ගමන්. කැලෑවෙන් නම් දැනටමත් මීදුම මතු වෙන්න පටන් අරන්.

"ඔයා! ආපහු?" යොහානිගේ කටින් එහෙම එලියට පැන්නේ ගස් අතරින් එබිකම් කරපු කලින් දවස එයාට හම්බ වුන රජ බිසවව ආපහු දැකපු නිසා. එයා යොහානිව දැකලා ලස්සනට හිනා වුණා. යොහානිට හිතුණම ඒ ගෑනු කෙනා ඉන්න හරිය ගොඩක් මීදුමක් ඝනයි කියලමයි. ගෑනු කෙනා තමන්ගේ පස්සෙන් එන්න කියලා යොහානිට සංඥා කරේ නිශ්ශබ්ද වෙන්න කියලා අනිත් අයව ඇස් කොනකින් කෙල්ලට පෙන්නන ගමන්මයි.

ඔලුව වනපු යොහානි අර ගෑනු කෙනාගේ පස්සෙන් වයින් කරපු බෝනික්කෙක් වගේ ඇදුනෙ අද නම් එයාගේ හිතේ තියෙන ප්‍රශ්න වලින් ටිකකට හරි උත්තර හොයා ගන්නවා කියලා එයාටම කියා ගන්න ගමන්.

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now