දෙවන දිග හැරුම.....📜

292 74 70
                                    

ඇමරිකා ඉඳලා යොහානි ආපහු ලංකාවට ආවේ එයාගේ ගුරුවරයා ප්‍රොෆෙසර් කලු ආරච්චිගේ අන්තිම ඉල්ලීම කොහොමටවත් එයාට බැහැර කරන්න බැරි නිසා. නැත්තං යොහානි හිතන් හිටියේ ආපහු ලංකාව පැත්ත පලාතෙවත් එන්නේ නැහැ කියලා. මොකද සමහර දේවල් වගේම සමහර අයගේ ක්‍රියාකලාපය නිසා කෙල්ලට ලංකාවේ වැඩ පිලිවල වගේම ඔක්කොම එපා වෙලයි තිබුණේ.හැබැයි එයාගේ හොදම යාළුවා උන් අශානුත් ඉන්නවා කියලා දැනගත්තම නං කෙල්ලගේ අකමැත්ත ටිකක් විතර අඩු වුනා.

ඒත් යොහානි කියන්නේ ගොඩක් මුරණ්ඩු වගේම ගොඩක් හිතුවක්කාර කෙනෙක්. ඒක නිසාම කෙල්ල පුරාවිද්‍යා කැණීම් කණ්ඩායම එතනට උදේම පාන්දරම යවලා උවමනාවෙන්ම පරක්කු වෙලා හොඳටම හවස් වෙලා එතනට ගියා. ඒත් කෙල්ලට තවත් හේතුවක් නොතිබුනාම නෙවෙයි එහෙම කරන්න.

උදේ පාන්දරම ලෑස්ති වුණ කෙල්ල ගියේ අනුරාධපුර රුවන්වැලි සෑයට. එතනට ගිහින් වැඳුම්පිදුම් කරපු කෙල්ල කරේ කලා නිර්මාණ අගය කරමින් පැය දෙකක් තුනක් විතරම අති සාර්ථක එතන ඉදන් විදියට කාල දාපු එක. කෙල්ල පොඩි කාලේ ඉදලම ලොකුම ලොකු කලා රසිකයෙක්. ඒක නිසාම එයා එතනට වෙලා ගොඩ වෙලාවක් හිටපු එකට වැරැද්දක් කියන්නත් බැහැ. ටික වේලාවක් වැලිමළුවේ කකුලෙන් චිත්ත ඇඳ ඇඳ හිටපු කෙල්ල ඊළඟට ගියේ අභයගිරි විහාර ප්‍රදේශයට. වාහනයකින් යන්න ඕන දුරකින් තිබුනත් කෙල්ල පයින්ම ගියේ කාලය කාලේ මේ කුරිරු චේතනාව පෙරදැරි කරගෙන තමයි.

අභයගිරි විහාර ප්‍රදේශය පැය එකහමාරක්  විතර ඇවිදපු කෙල්ල ආවේ කොහොම හරි මහසෙන් මණ්ඩපයේ එහෙම නැත්නම් බිසෝ මාළිගාව ගාව තිබුණු සඳකඩ පහණ ගාවට. අනුරාධපුර යුගයේ දැනටමත් ඉතුරුවෙලා තියෙන විශිෂ්ටතම සඳකඩපහණවලින් එකක්. ලංකාවේ සඳකඩපහන් වැඩිපුරම දකින්න හම්බ වෙන්න අනුරාධපුර, පොළොන්නරු යුගවල නටබුන් එක්ක. මහනුවර යුගයේත් පොලොන්නරු අනුරාධපුර යුග දෙක අතරත් සඳකඩපහණ් ඕනෑ තරම් තිබුනත් යොහානිට පනිනවා නම් ඒ එකක්වත් වැඩිය කලාත්මක වගේම ලස්සනක් නැහැ. ගොඩක් අයගේ වගේම යොහානිගෙත් තීරණය වුණේ අනුරාධපුර යුගයේ මැද භාගයේ විතර සඳකඩ පහණ තමයි හොඳම එක කියලා.

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now