දස වන දිග හැරුම.....📜

184 31 60
                                    

උදේ පාන්දරම අශාන්ට ඇහැරුනේ බඩුමුට්ටු පෙරලෙන සද්දයක් ඇහුනු නිසා. කාලෙකට පස්සේ හොඳටම නින්ද ගිහින් තිබුණු අශාන් කුස්සිය පැත්තෙන් ඇහුණු සද්ද නිසා උඩ විසි වෙලා ගිහින් ඇහැරුණා. තමන්ගෙ නින්දට බාධා කරපු පාපී ප්‍රාණියාට මතක් වෙන හැම හොඳ නමක්ම වගේ කියලා හොඳට දෙහි කපන ගමන් අශාන් කුස්සිය දිහාවට ගියේ උදේ පාන්දර ගෙට පැනපු හොරා කවුද කියලා බලාගන්න.ඒත් අශාන්ට බලාගන්න හම්බ උනේ හොඳටම හැඩිවෙලා තිබුනු කුස්සියකුයි, ඊට ටිකක් එහායින් තිබුන බිඳුනු පිඟන් ටිකක් ගොඩගහපු සින්ක් එකුයි. ඊට ටිකක් එහායින් තිබුණ කුස්සියේ dining table එකේ සසර කලකිරිලා වගේ කම්මුල් වල අතුත් ගහගෙන බලන් හිටපු සුදු පාට පාන් පිටි භූතයො දෙන්නෙකුත් වාඩි වෙලා හිටියා. ඇය ටික දැක්කම නම් කොල්ලට වෙලා තියෙන දේ හිතා ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. 

"අපොයි. ඔයාලා දෙන්න කුස්සිය විනාස කරලා. ඇගී අම්මා දැක්කොත් මටත් විසුමක් වෙන්නේ නැහැ." අශාන් Dining table එකේ වාඩිවෙලා හිටපු පාන්පිටි භූතයො දෙන්නට කිව්වා. "මොකක්ද ඔයාලා කරන්න ගියේ?"

"අහ්.... අපි දෙන්නා ගියේ මේ.... බ්‍රෙස්ට්වල පෑන්කේක් හදන්න. ඒත් පොඩ්ඩක් විතර අවුල් ගියා" යොහානි කියද්දී ස්ටෙෆාන් ඔලුව වැනුවේ ඒක අනුමත කරන්න වගේ. "ඔයාට හොඳටම නින්ද ගිහින් තිබුන නිසා ඇහැරවන්න හිතුනෙ නැහැ."

අෂාන්ට දැන් මේ දෙන්නට බනින්නත් බැහැ. මොකද එයාලා දෙන්නට ඕන වුනේ උදව් කරන්න නේ. හොඳ  හුස්මක් ගත්තු අශාන් බැලුවෙ එයාගෙ ඉස්සරහ ඉන්න විනාසකාරයෝ දෙන්න දිහා. දැන්නම් කොල්ලට එක දෙයක් හොඳටම ෂුවර්. ඒ ස්ටෙෆාන්ට කොහෙන්ම හරි ලොකු දුරකින්වත් යොහානිට දුර නෑකමක් තියෙනවා කියලා. යොහානිටම ගැලපෙන senior කෙනෙක්. අශාන් කල්පනා කළේ මේ දෙන්නත් එක්ක තව ටික දවසක් හිටියොත් තමන්ව ඉතුරු වෙයිද කියලා. අශාන්ගේ information process system එකට අනුව නම් වැඩි දවසක් යන්න කලින් ම මේ දෙන්නගෙ වැඩ නිසා එයාගෙ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැති වෙයි. පව් අසරණ අශාන්. අහින්සකයා

ශාන්ත එක සැරයකට හිතුණා එයාගේ අක්කා එක්ක ඇමසන් වල ට්‍රිප් එකට ගිහින් මිනී කන කූඹි රැළකට අහුවුනා නම් මේ ඩබලත් එක්ක ඉන්නවට වඩා හොඳයි කියලාත්. අහ් අමතක උනා නේ. අශාන්ට අක්කා කෙනෙක් ඉන්නවා එයා පරිසර විද්‍යාඥයෙක්. අශාන් කෘමි සතුන්ට කොච්චර බයයිද කියලා දන්න නිසාම කොල්ලගෙ ආදරණීය අක්කා නේහා කෘමි සත්තු වත්තක්ම හුරතල් විදියට හදාගන්න ගෙනල්ලා අශාන්ගෙ කාමරයට එහා පැත්තෙ කාමරෙන්ම තියලයි තියෙන්නෙ. ඒ තරමටම අක්කා මල්ලිට ආදරෙයි. ඒත් ඉතින් අශාන් කියලා සැලෙන පොරක්ද. නෑ මොන පිස්සුද? අශාන් දන්නවා නේහා කොච්චර බල්ලොන්ට බයයි ද අකැමැති ද කියලා. ඒක නිසාමනේ කොල්ලා තඩි දඩෝරියන් සයිස් බල්ලෝ දෙන්නක්ව හරිම ආදරෙන් ගෙදර තියන් හදන්නේ. ඒත් ඉතින් අශාන්ට යොහානිගෙන් මැරුම් කාලා කොහොමටවත් දැන්ම නිවන් යන්න ආසාවක් නැති නිසා එයාගෙ ආදරවන්තියෝ දෙන්නව මෙහෙට එක්කගෙන ආවෙ නෑ. (යොහානි බල්ලොන්ටයි පූසොන්ටයි අකමැතියිලු)

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now