නව වන දිග හැරුම.....📜

199 49 73
                                    

"වෝව් යොහානි මේ පන්සල ගොඩක් පරණ පාටයි. පුරාවිද්‍යාත්මක වශයෙන් නම් මේක ගොඩක්ම වටිනවා." එයාලා පන්සලට ආවට පස්සේ ස්ටෙෆාන් වට පිට බලන ගමන් කිව්වා.

"මොකද ඔයාට මෙතනත් කැණීම් බිමක් කරන්න එහෙම අදහසක් පහළ වුණා ද?" අශාන් ස්ටෙෆාන්ට විහිළු කරන්න පටන් ගත්තා.

"ඒක නම් එච්චර ලේසි වැඩක් වෙන එකක් නැහැ. මෙහෙ ලොකු හාමුදුරු හෙන සැරයි. ඒ වගේම උපාසක අම්මාලා ටික ඔයා පන්සල හාරන්න ගත්ත කියලා ඉලපතකින් පශ්චාත් භාගයට හොඳ පාරවල් දෙක තුනක් දීලා පන්සලෙන් එළියට එලවයි." යොහානි එයාගේ දත්ත වලට අනුව ගණනය කිරීමක් කරලා ස්ටෙෆාන්ට ප්‍රතිඵල ඉදිරිපත් කරා.

"හරි හරි මම දැන් කැණීම් කරන්න ඕනමයි කියල කිව්වෙ නෑනෙ" ස්ටෙෆාන් එයාගෙ බෙල්ල අතගාන ගමන් ගමන් හිනාවක් දාලා යොශාන් ඩබලට කිව්වා. මට පේන්නෙ ඉලපත්‍ ප්‍රහාර ගැන කිව්වම නම් කොල්ලා හොඳටම බය වෙලා වගේ.

"ආ පොඩි නෝනා මොකද මේ පන්සල පැත්තේ?" පන්සල අවට සිරි නරඹන හිටපු තරුණ පුරාවිද්‍යාඥයා තුන්දෙනා ආපහු ගැස්සිලා මේ ලෝකෙට ආවේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කටහඬින්.

"අපේ හාමුදුරුවනේ" එහෙම කියපු යොහානි එයාගෙ කෝර්ට් ෂූස් දෙකත් ගලවල පැත්තකින් තියලා හාමුදුරුවෝ ගාවට ගිහින් වැඳලා එකත් පස්ව හිටි ගත්තා. අශානුත් යොහානිව අනුගමනය කරනවා දැකපු ස්ටෙෆානුත් කවදාවත් කරලා නැති උනත් අශාන් යොහානි දෙන්නව අනුගමනය කරමින් තමන්ගේ සපත්තු දෙකයි කැප් එකයි ගලවලා හාමුදුරුවොන්ට වැඳලා අශාන්ගේ එහා පැත්තෙන් හිටගත්තා.

"ඔය මහත්තුරු දෙන්නා?" හාමුදුරුවොන්ට ප්‍රශ්නයක්.

"මේ මගේ යහළුවෝ ගැන හාමුදුරුවනේ. කැලෑවේ පුරාවිද්‍යාත්මක ගවේෂණය සාමාජිකයෝ දෙන්නෙක්. මේ අශාන්. එතකොට මේ ස්ටෙෆාන්. මගේ සීනියර්" යොහානි ස්ටෙෆාන්, අශාන් දෙන්නව හාමුදුරුවොන්ට හඳුන්වලා දෙන ගමන් කිව්වා.

"ඉතින් පොඩි නෝනා, මොකද මේ පැත්තෙ?" හාමුදුරුවෝ ඇහුවා.

"අපිට පොත්ගුල් කාමරය භාවිතා කරන්න අවසර ගන්න පුළුවන්ද කියලා දැනගන්න ආවෙ හාමුදුරුවනේ" යොහානි කිව්වා.

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now