සත්වැනි දිග හැරුම.....📜

182 48 50
                                    

තමන්ගේ දර්ශන පථය අඳුරු වෙලා යනවත් එක්කම යොහානිට ආපහු පාරක් රජකාලෙ අයව පේන්න ගත්තා. හැබැයි එයා මේ වෙලාවේ නම් දැක්ක ගඟක් ගාවට වෙලා හිටපු අවුරුදු 16 ක විතර ගැමි පිරිමි ළමයෙක්වයි ගෑණු ළමයෙක්වයි. ගහ උඩ හිටපු පිරිමි ළමයා ගහට නැගලා ඩොංකා කඩනවා. ගෑනු ළමයා ගඟේ ගලාගෙන යන වතුර පාරට කකුල් දෙක දාගෙන ඩොංකා කනවා. එයාගේ වම් අතේ තිබුණෙ අර පලඳනාව. පුදුමයකට වගේ ඒ සම්පූර්ණ පලඳනාව යොහානි කවදාවත් දැකලා නැති වුනත් ඒ සම්පූර්ණ පලඳනාවෙම හරිම පුරුදු බවක් එයාට දැනුනා. ගෑනු ළමයා හිටියේ ඒ පළඳනාව අතට අරන් දෙපැත්තට හරව හරවා බලන ගමන්. යොහානිට පුදුම වෙන්න තිබුණු තවත් එක හේතුවක් තමයි ඒ ගෑනු ළමයා අවුරුදු දාසයේ තමන්ට ගොඩක් රූපයෙන් සමානයි කියන එක.

"නාදිරා.... මේක අල්ල ගන්න" පිරිමි ළමයා ඩොංකා පොකුරක් කඩලා ගෑනු ළමයට අල්ලගන්න දැම්මත් ඒක එයාට අල්ලගන්න බැලුව ගඟේ වතුර දිගේ ගහගෙන ගියා. යොහානිට අනුව නම් සම්පූර්ණයෙන්ම ඒක අර පිරිමි ළමයගේ වැරැද්ද. පුදුමයකට වගේ ඒ පිරිමි ළමයගේ රූපයත් අවුරුදු දාසයේ අශාන්ගේ රූපයට ගොඩක් සමාන වුනා.

"මුග්ධයා" ගැහැණු ළමයා එහෙම නැත්තං නාදිරා පිරිමි ළමයට බනින්න පටන් ගත්තා. "හංසජිත් මුග්ධයා පහලට පැමිණෙන්න. මම කඩා ගන්නම්"

"තරුණියන්ට ගස් නැගීම උචිත නැහැ." පොඩි අශාන් එහෙම නැත්නම් හංසජිත් කිව්වා.

"අනුවණයා.... මුග්ධයා... මා හට ද හොඳින් ගස් නැගිය හැකි. කවුරුන්ද නුඹට පැවසුවේ තරුණියන්ට ගස් නැගීමට නොහැකි විත්තියක්? අප තරුණියන්ට නුඹලා වැනි කැහැටු තරුණයන්ට වඩා ඉතාමත් හොඳින් ගස් නැගිය හැකි." පොඩි යොහානි එහෙම නැත්නම් නාදිරා ගහ යට ඉඳන් හංසජිත්ට ඇද කරලා දුවන්න ගත්තා.

"නාදිරා.... ඔහොම නවතින්න. ඔය හරිය ලිස්සනවා. ඔබව බිමට වැටෙයි." හංසජිත් කොච්චර කිව්වත් මුරණ්ඩු නාදිරා නෙමෙයි ඒක කනකටවත් ගත්තේ. එක පාරටම ඒ ගල ලිස්සපු නිසා නාදිරා වැටෙන්න ගියා. නාදිරා ඟගට වැටෙන්න බලාගෙන ඇස් දෙක තදින් පියා ගත්තත් එයාගේ ඉන වට එතුන අතක් එයාව ගඟට වැටෙන්න නොදී බේර ගත්තා.

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now