Say I love you.

943 167 14
                                    

" තව පැයක් වත් ඔයා ඔහොම එයාගෙ දිහා බලාගෙන ඉන්නවද ජිමින්. "

තේහියුන් ඇහුවෙ කැෆේ එකේ එයාලට වඩා මේස කිහිපයක් ඈතින් වාඩි වෙලා හිටපු කෙනෙක් දිහා බලන් ඉන්න ජිමින්ගෙන්.

" මට නම් පැයක් නෙමෙයි තුන හතරක් වත් එයාගෙ දිහා බලන් ඉන්න පුලුවන්. ඒ උනාට එයා නිකමටවත් මගෙ දිහා බලන්නෙ නෑනෙ "

ජිමින් කිව්වෙ එයා බලන් හිටපු දිහාවෙන් ඇස් අහකට ගන්නැතුවම කම්මුලට අතකුත් තියාගෙන වැලමිට තියල මේසෙට බර වෙන ගමන්.

" එක්කො ඔයා ඕක එයාට කෙලින්ම කියන්න. නැත්තම් ඕක නවත්තල දාන්න. මට දැන් සති තුනක් තිස්සෙ මේ කට්ට කාල ඇති වෙලා. "

ඇස් දෙකත් රෝල් කරල ජිමින් දිහායි ඈත මේසෙ එයාගෙ යාලුවො දෙන්නත් එක්ක හිනා වෙවී කතා කරන ජිමින්ගෙ ඒකපාර්ශවික ආදරවන්තයා දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන් තේහියුන් කිව්වා.

" මට එයාගෙ නම දැනගන්න ඕනි "

" ඇත්තටම ජිමින් ඒකවත් දන්නැතුව මාසයක් තිස්සෙ ලව් කරන්න ඔයාට පිස්සුද. "

" හ්ම් හ්ම් මට පිස්සු තමා "

කම්මුල් දෙකට අත් තියල මුලු මූණම බර කරන ගමන් ජිමින් කිව්වෙ සුසුමක් හෙලලා.

" අපි යමු ටේ ටේ. මේක වැඩක් වෙන්නෙ නැති වෙයි. එයා එක පාරක්වත් මගෙ දිහා බැලුවෙ නෑ මේ මාසෙටම. පාක් ජිමින් කියල කෙනෙක් එයාට ආදරේ කරනව කියල තියා එහෙම කෙනෙක් ඉන්නව කියලවත් එයා දන්නැතුව ඇති "

එහෙම කියල සුසුමක් හෙලල ජිමින් ටේහියුන්ගෙ අතකිනුත් ඇදගෙන කැෆේ එකෙන් එලියට ආවා.

                   ☆☆☆☆☆★★★★★★☆☆☆☆☆

" ජන්කුක් ඔයා එයාට කැමතියි කියල කිව්වොත් හොඳ නැද්ද. "

" අනෙ මම දන්නැ හොබියා. එයා මට අකමැති උනොත්."

ජිමින් හිටපු කැෆේ එකේම තවත් මේසෙක වාඩිවෙලා ජන්කුක් එයාගෙ යාලුවො එක්ක තවත් කතාවක.

" උඹ හිතන්නෙ උඹ යන යන තැනට පස්සෙන් එන්නෙ උඹට අකමැති නිසා කියල.සමහර වෙලාවට එයා ඔයාගෙ දිහා බලාගෙනත් ඉන්නව."

Jikook short stories Where stories live. Discover now