Love

908 143 58
                                    

" ජිමිනාහ්. මම සුගා හ්‍යුන් එක්ක යනව. පරිස්සමින් එන්න හොඳද "

හිමින් හිමින් ඉස්සරහට ඇවිදන් යන ජිමින් ලඟට ආපු ටේහියුන් එහෙම කියල ඉස්සරහින් ඇවිදගෙන යන සුගාගෙ ලඟට ගිහින් එයාගෙ අතක් එක්ක තමන්ගෙ අත පටලගත්තා.

' ඔයා මම උත්තරයක් දෙනකන් හිටියෙත් නෑ '

ඉස්සරහින් යන ටේහියුන් දිහා බලාගෙන හිතපු ජිමින් තමන් එක්කම හිනා වෙලා පිරිසෙන් මගෑරිල අන්තිමට වෙන්න ඉස්සරහට ඇවිදන් ගියා. 

රෑ වෙන්න තව පැය කීපයක් ඉතුරු උනත් කැලෑව අඳුරු පෙනුමක් ගත්තා. වට පිට බල බල ගියපු නිසා තමන්ගෙ ඉස්සරහින් ගිය අය මගහැරිලා කියල ජිමින් දැක්කෙ නෑ.

පිරිස ඉස්සරහින් පේන්නෙ නැති නිසා ජිමින් අඩිය ඉක්මන් කරල කඳවුරු ගහල තිබුනු පැත්තට ඇවිදගෙන ගියා. වටපිටාව ටිකෙන් ටික කලුවර වෙද්දි සයිඩ් පොකට් එකේ තිබුනු ටෝච් එකත් පත්තු කරගෙන පුංචි එලියක් ගත්තත් ජිමින් ටිකක් බයවෙලයි හිටියෙ.

කාත් කවුරුවත් නැතුව කැලෑවක තනියම ඇවිදිනව කියන්නෙ ජිමින්ට නම් නිර්භීතකමට කියන්න කාරණාවක්  නෙමෙයි. වට පිටාවෙන් ඇහෙන එක එක සද්ද වලට ඇහුන් කන් දෙන ගමන් ඇවිදපු ජිමින් ගහක් ලඟ ටිකකට නැවතුනේ වතුර ටිකක් බොන්න.

වතුර බීලා ඊලඟ අඩිය තියද්දිම එයාගෙ කකුල දණහිස ලඟට වෙනකන් ගැඹුරු වලකට වැටුනෙ වළලු කර ලඟින් වේදනාවක් ගේන ගමන්. එකපාරටම දැනුනු වේදනාව නිසා ජිමින්ගෙ කටින් පිට උනු සද්දෙ වනාන්තරය පුරා පැතිරුණා.

වළලුකර ලඟින් දැනෙන වේදනාව නිසා ඇස් වලින් කඳුලු ගලද්දි ජිමින් එයාගෙ කකුල වලෙන් එලියට ගන්න දැඟලුවා. අන්තිමේද කකුල එලියට ගද්දි එයාට තේරුනේ එයාට තවදුරටත් තනියම ඇවිදගෙන යන්න බැහැ කියලා. වළලුකර ලඟින් බිඳුනු කකුකත් අතින් අල්ලගෙන ජිමින් ගහ මුලට ගුලි උනේ හෙට උදේට කවුරු හරු එයාව හොයාගෙන එනකන් එතෙන්ට වෙලා ඉන්නව කියල හිතාගෙන.

❖❖❖

" යාහ් ජන්කුකා. උඹ කොහෙද යන්නෙ "

තමන්ගෙ යාලුවො තුන්දෙනාව මගහැරලා ජන්කුක් පහුවෙනව දැකපු හැක්සන් කෑ ගහල ජන්කුක්ගෙන් ඇහුවා.

Jikook short stories Where stories live. Discover now