Winter

741 144 31
                                    

" ජන්කුක්.. "

විශාල නිවසේ මේන් ඩෝ එකෙන් එලියට යන්න හදපු ජන්කුක්ට ජිමින් ඇඬ ගැසුවේ නෙත් අගින් ගිලිහි යාමට ආසන්න කඳුලක් සමගිනි.

' අහ් ආයෙත්.. මොන වදයක්ද මන්ද ' තමන්ටම මුමුණ ගනිමින් අත් වල ඇඟිලිත් ගුලි කරගන්න ගමන් ජන්කුක් හිටි තැනම නැවතුනා.

" ඔයා මාව මගාරින්නෙ ඇයි මෙච්චර "

" ආහ් ජිමින්. මන් තමුන්ට කී සැරයක් කියන්න ඕනිද මේ මැරේජ් එක මගෙ අප්පට ඕනි උනු එකක් මිසක් මට ඕනි උනු දෙයක් නෙමෙයි කියල. මැරි කරනකන් මට මගෙ පාඩුවෙ ඉන්න දෙනව "

ජන්කුක්ගෙ වේදනාකාරී වචන ජිමින්ට රිදෙව්වා. ජන්කුක්ට ඕනි විදිහටම. එයාට ඕනි උනේ ජිමින් තමන්ව ප්‍රතික්ෂේප කරනව දකින එක. ඒත් ජිමින්ට ජන්කුක්ව ප්‍රතික්ෂේප කරන්න උවමනා නොවුනෙ එයා ජන්කුක්ට ආදරය කල නිසයි.

" ඒත් ඔයාට අදවත් මාත් එක්ක ඉන්න බැරිද. අද.. අද වැලන්ටයින්ස් ඩේ එකේ මට ඕනි ඔයත් එක්ක ඉන්න. "

ජන්කුජ්ගෙ ලඟින්ම පිටිපස්සෙ ඉඳන් එයාගෙ අතකින් අල්ලන ගමන් ජිමින් කිව්වා. ජිමින් හැඬුම්බර කටහඬ නිසා ජන්කුක්ගෙ තරහ ටිකක් නැති වෙලා ගියත් එයාට ජිමින් එක්ක නවතින්න ඕනි උනේ නෑ.

" මන් ලීසාව හම්බෙන්න යන්න ඕනි. මාව අතාරින්න ජිමින්. "

ජිමින්ගෙ තමන්ගෙ අත ඇදල ගන්න ගමන් එහෙම කියපු ජන්කුක් දොර ඇරියෙ ජිමින්ව තවත් හදවතින් වට්ටල දාන ගමන්.

" ඔයා අද මාත් එක්ක හිටියෙ නැති උනොත් මම මිස්ටර් ජොන් ට කියනව ඔයාගෙයි ලීසගෙයි සම්බන්දෙ තාම නවත්තල නැහැ කියල "

නොකෙරිය යුතු දෙයක් උනත් ඒ දවසෙ ජන්කුක්ව තමන් ලඟින් තියාගන්න ජිමින් තමන්ට කරන්න පුලුවන් අන්තිම දේත් කලා. මොන දේ ඉස්සරහ කෙලින් හිටියත් ජන්කුක්ට එයාගෙ අප්පා ඉස්සරහ නැමෙන්න වෙනව කියල ජිමින් දැනගෙන හිටියා.

ජිමින්ගෙත් ජන්කුක්ගෙත් මැරේජ් එක ගැන කතා කරද්දි මිස්ටර් ජොන් ජන්කුක්ට අවවාද කල ලීසාගෙන් ඈත් වෙන්න කියල. මොකද ලීසගෙ අප්පා කවදාවත් වාසියක් නොවෙන තැනකට තමන්ගෙ දුවව දෙන්නෙ නැ කියල එයා දැනගෙන හිටියා.

Jikook short stories Where stories live. Discover now