My honey

873 167 4
                                    

පැයක ඉඳන් ජිමින් ෆෝන් එකේ මූණ ඔබන් ඉන්නෙ ජන්කුක් එක්ක තරහ වෙලා. ජිමින් තමන්ව ගණන් ගන්නැතුව ෆෝන් එක එක්ක හිනා වෙන දිහා බලන් ඉන්න ජන්කුක්ට නම් දැන් හොඳටම තරහ ගිහිල්ලා. ඒත් ඉතින් මොනව කරන්නද. එයාගෙ වැඩ නිසාමනෙ ජිමින් තරහ උනේ.

" ජිමින්. ඔයා වීකෙන්ඩ් එකේම ෆෝන් එක දිහා බලන් ඉන්නද හදන්නෙ. "

අන්තිමේදි ජන්කුක් ඇහුවෙ ජිමින් එයාව ගණන් ගන්නැතුව ඉන්න එක එයාට දරාගන්න බැරි නිසා.

" ඔව් ඉතින්. ඔයාට මාව එලියට එක්කන් යන්නත් බෑ කිව්වනෙ. ඔයා බිසී කිව්වනෙ. මාත් ඉතින් බිසී උනා. "

ජිමින් ෆෝන් එකෙන් ඔලුව ගන්නෙත් නැතුවම එහෙම කිව්වා.

මීට පැය දෙකකට කලින් ජිමින් ජන්කුක්ට එලියට යන්න කතා කලාම ජන්කුක් ඒක ප්‍රතික්ශේප කලේ එයාට ඊට පැය බාගෙකට පස්සෙ ඔන්ලයින් මීටින් එකක් තිබුනු නිසා. මුලු සතියම ජන්කුක් ඔෆිස් එකේ වැඩ වලට හිර වෙන නිසා එයාට ජිමින් එක්ක ඉන්න වෙන්නෙ වීකෙන්ඩ් එකේ විතරයි. ඒත් ඉතින් අදත් මීටින් එකක්.

ජිමින් කොහොම දරාගන්නද එයාගෙ හස්බන් එයාව ප්‍රතික්ශේප කලාම. ඒකට ජන්කුක්ට ලැබෙන රිටර්න් එක තමයි දවසක් විතර එක දිගට ජිමින්ගෙන් ප්‍රතික්ශේප වෙන එක. තාම පැයයි ගිහින් තියෙන්නෙ. ඒ වගේම ජන්කුක්ගෙ කරුම මීටින් එකත් කැන්සල් වෙලා.

ජන්කුක් ජිමින්ට හිමින් පැහැදිලි කලානම් මීටින් එක ඉවර උනාම යමු කියල ජිමින් අහන්න තිබුනා. ඒත් ඉතින් ජන්කුක් කලේ ' අද බෑ ජිමින්. කරදර කරන්න එපා '  කියල ජිමින්ගෙ හිත රිද්දපු එක. ජිමිනුත් ලේසියෙන් අතාරීද. නැහැනේ. ඒ ප්‍රතික්ශේප වීම නිසයි එයා දිගටම ජන්කුක්ව ගනන් ගන්නැත්තෙ.

" ලෑස්ති වෙන්න අපි එලියට යමු. මීටින් එක කැන්සල් වෙලා "

" මට බැහැ. ඔයාට ඕනිනම් තනියම යන්න. ඔයා බිසී කියපු නිසා මාත් ටේහියුන්ට කිව්ව අද දවසම එයා එක්ක ඔන්ලයින් ගේම් එකක් ප්ලේ කරනව කියල "

" මොකක්. ඔයා මේ ගේම් එකක් නිසාද මට මෙහෙම කරන්නෙ "

" අපෝ නෑ. මන් ඔයාට මුකුත් කලෙ නැ. ඔයත් ගිහින් මොකක් හරි වැඩක් කරගන්න "

Jikook short stories حيث تعيش القصص. اكتشف الآن