I cheated on my husband

1K 160 52
                                    


" තමුන් පාර සල්ලි දීල අරන් කියල හිතලද ඔච්චර වේගෙන් යන්නෙ ආහ් "

පොලිස් ඔෆිසර් ජිමින් කිව්වෙ කාර් එකක් පස්සෙන් ෆලෝ කරන් ඇවිත් ඒක අල්ලගෙන ඩ්‍රයිව් කරපු කෙනාව වාහනෙන් එලියට ඇදල ගන්න ගමන්.

" අහ් බී කූල් ඔෆිසර්. ඔයා කේන්ති ගන්න එකනම් එච්චර හොඳ නෑ "

එයා කිව්වෙ ජිමින් ඒ කෙනාව කාර් එක ලඟම අනිත් පැත්තට හරවල එයාගෙ බෙල්ලෙන් අල්ලල මූන වාහනේට තියල තද කරද්දි.

" තමුන් නිසා මෙතනට පොලිස් කාර් පහකට එන්න උනා. තව විනාඩියක් තමුසෙ පරක්කු උනානම් මේ රොකට්  එක නවත්තන්න අපේ හෙලිකොප්ටර් එකකුත් ගේන්න වෙනවා "

එයාගෙ මූණ තව ටිකක් කාර් එකට තද කරන ගමන් එහෙම කියපු ජිමින් එනෙ රඳවල තිබුනු මාංචු කුට්ටම අරන් අර මනුස්සයගෙ අත් පිටිපස්සට කරල මාංචු දැම්මා.

" ආහ්... ඔෆිසර්ගෙ ඇඟේ හැටියට නෙමෙයිනෙ ශක්තිය"

ජිමින් එයාට හෙල්ලෙන්නවත් බැරි විදිහට අල්ලන් ඉන්න නිසා ඒ මනුස්සය කිව්වෙ හිනාවෙන ගමන්.

" පොලිස් ස්ටේශන් එකට ගිහින් හයිය ගැන බලමු. තමුන්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එක කොහෙද "

ජිමින් ඒ කෙනාව අතාරින ගමන් ඇහුවා.
" පොකට් එකේ තියෙන්නෙ. ගන්න "

ඒ මනුස්සය ජිමින්ට උත්තර දුන්නෙ කලිසමේ පිටිපස්සෙ පොකට් එක පෙන්නන ගමන්. ඩ්‍රයිවින් ලයිසන් එක ඇදල ගන්න ගමන් ජිමින් එයාගෙ තට්ටම් වල එක පැත්තක් හයියෙන් මිරිකුවා. ඒකට අමුත්තා කලේ හිනාවෙන එක විතරයි.

" ම්ම්ම්ම්... ජොන් ජන්කුක්. jeon construction වල අනාගත අයිතිකාරයා නේද මේ.  තමුන්ගෙ අප්පා ලොකු සල්ලිකාරයෙක් උනාට මේ පාරවල් තාම සල්ලි දීල අරගෙන නෑ. එනව යන්න "

ජන්කුක්ගෙ ඩ්‍රයිවින් ලයිසන් අරන් බලපු ජිමින් එහෙම කියල ජන්කුක්වත් තල්ලු කරගෙන ගිහින් පොලිස් කාර් එකට දාගෙන පොලිස් ස්ටේශන් එකට ආවා.

ජන්කුක්ගෙ අත් වලට දාල තිබුනු මාංචු ගලවලා එයාව ඉස්සරහම තිබුනු පොලිස් කූඩුවක් ඇතුලට තල්ලු කරපු ජිමින් එයාගෙ විස්තර ගන්න කියලා තමන්ගෙ ඔෆිස් රූම් එකට ගියා.

Jikook short stories Where stories live. Discover now