Pretty love

319 49 9
                                    

අදුරු විශාල උද්‍යානය මැද ඈතකින් වාදනය වෙන සංගීතයට තාලයට අඩිය තියමින් හිටපු තරුනයාගෙ මුහුනෙන් පෙනුනෙ මහන්සි පාටක්. සංගීතය වේගවත් වෙනවත් එක්කම තරුණයාගෙ පියවරත් වේගවත් වෙන්න පටන් ගත්තා. සංගීතයේ උපරිම අවස්තාව කියන්න පුලුවන් අවස්තාවෙ අර තරුණයාව උද්‍යානය මැද්දෙ ඇදගෙන වැටුනෙ ඔහුගෙ වලලු කර අසලින් උනු බිඳීමකුත් එක්කයි. ඔහුගේ විඩාබර මුහුනේ කලින්ටත් වඩා වේදනාවක් වගේම කලකිරුනු බවකුත් එකතු වෙලා තිබුනා.

රිදෙන වලලුකර ගනන් ගන්නෙ නැතුවම නැගිටගත්තු තරුණයා උද්‍යානය පිටවීම දෙසට කෙටි අඩි තැබුවා.

" ඔයා ඔයාටම රිද්ද ගන්න එක නවත්තන්න ඕනි ජිමින් "

උද්‍යානයේ පිටවීම ලඟදි අර තරුණයාව අත් අතරට ගත්තු තවත් වැඩිමහල් පෙනුමක් ඇති කඩවසම් තරුණයෙක් එහෙම කිව්වෙ ජිමින්‍ ව සනසන්න වගේ.

" එයාට එහෙම උනේ මම නිසා හ්‍යුන්. මට ඒ මල් වලට ආස නොවෙන්න තිබුනා "

උද්‍යානයේ කෙලවරේ සුදු පාටින් මුලු පොලවම වහගෙන ඉන්න මවුන්ට් ලෝරල් ( mount loral ) මල් දිහා බලාගෙන ජිමින් සුසුමක් පිට කලා.

" ඔයා ඒ මල් වලට කැමති උන එක වරදක් නෙමෙයි ජිමිනා. එයාට තිබුනා මෙතනට එන්නෙ නැතුව ඉන්න."

" ඒත් එයා ආවෙ මාව හොයාගෙන. මම කැමතියි මිනිස්සු මට කැමති නොවෙනව නම් හියුන් "

" ඔයාට කැමති නොවී ඉන්න කාටවත් බෑ පැටියෝ. ඔයා තරම් හුරතල් කෙනෙක් මම මගෙ ජීවිතේටම දැකල නැහැ. ඔයා ජන්කුක්ට ආදරේ කරනව කියල එයාට නොකිව්වෙ ඇයි චිම් "

" දන්නවද හොබී හියුන්, මට බයයි කාටවත් ලං වෙන්න. මාව තේරුම් ගන්න හැමෝටම බැහැ. ඔයයි ටේ ටේයි ඇරෙන්න මට ලංවෙන්න කාටවත් බැරිවෙයි "

හොබී ජිමින්ව තවත් තදින් වැලඳගෙන නලලින් පුංචි හාදුවක් තියල ආපහු කතා කලා...

" ජංකුක් ඔයාට කැමති උනේ ඔයා ගැන දැනගෙන මයි ලව්. එයාට ඔයාව ඕනි. එයාට ඔයාව තේරුම් ගන්න ඕනි. ආදරේ කරන්න ඕනි. එයාට එක අවස්තාවක් දීලා බලන්නැත්තෙ ඇයි "

" මට බයයි හියුන්. මම තනියෙන් ඉන්න පුරුදු උන කෙනෙක්. මට බයයි මම එයාට රිද්දයි කියලා. මට බයයි  එයා අන්තිමේදි මාව ප්‍රතික්ශේප කරයි කියලා, මට බයයි අන්තිමේදි මම මට රිද්දගනියි කියලා. මට මාවම බිඳගන්න ඕනි නැහැ හියුන් "

Jikook short stories Where stories live. Discover now