Mate

896 162 8
                                    

" ජිමිනාහ්. ඔයාට ශුවර්ද මේක ඕනි කියල "

" අහ් ඔව්. ඒක අප්පා දැනගන්න එකක් නෑ. මට ඒක කරන්නම ඕනි. "

" ඒත් ඒක රිදෙයිනෙ "

" අහ්. මන් ට්‍රයි කරල බලන්න ඕනි. "

" හ්ම්. එතන ඉන්නෙ ඇල්ෆා කෙනෙක්. ස්කූල් එකෙන් පස්සෙ යමු "

" ඇයි ඒ. අපි දැන් යමුකො ටේහ්‍යුනා"

" අම්මො මේ. අපි ගියපාර තාප්පෙන් පැනපු වෙලාවෙ ඔයාගෙ අප්ප තර්ජනේ කලා ඊලංග වතාවෙ ඔයාවත් එක්කම මාවත් හිරකූඩුවකට දානව කියල "

" හහ් හහ්.. ඔයා හිතුවද එයා කියන්නෙ ඇත්තට කියල."

" නැති උනාට කමක් නෑ අපි ස්කූඔ එකෙන් පස්සෙ යමු. ඔයාගෙ අප්ප දැක්කමත් මට බය හිතෙනව. එයා තමයි මන් දැකල තියෙන දරුණුම ඇල්ෆා. "

පන්ති කාමරයෙ පිටිපස්සෙ කොනේම තිබුනු පුටුවක වාඩි වෙලා හිටපු ටේහියුන්ගෙ සුවඳ වෙනස් වෙන්න ගනිද්දි ජිමින් දැනගත්තා ටේහියුන් එයාගෙ අප්පා ගැන මතක් කරත් බය වෙනව කියල.

" අපෝ ඔච්චර බය වෙන්න එපා. අපි ස්කූල් එකෙන් පස්සෙ යමු " 

★★☆☆★★

ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ ජිමින් ටේහියුන් දෙන්නම  හිමීට ඇවිදගෙන ගියේ රස්තියාදුකාරයො වැඩිපුර ඉන්න පැත්තකට. සුන්දර ඔමේගල දෙන්නෙක් මේ පාලු පැත්තෙ ඇවිදන් යන එක දිහා පාර අයිනෙ හිටපු තරුණ ඇල්ෆලා බලන් හිටියෙ හොඳ චේතනවෙන් නොවන බව ජිමිනුයි ,ටේහියුනුයි දෙන්නම දන්නව.

" මේ වගේ මූසල පැත්තක මොකට ඒක තියෙනවද ටේ "

ජිමින් ඇහුවෙ ඇල්ෆලාගෙ සුවද ටිකකට අඩු උන වෙලාවක.

" ඒ වගේ තැනක් කොහොමත් නගරෙ අයට ඕනි වෙන්නෙ නෑනෙ. ඔයාට ඕනි උනාට. මට නම් තාම බයයි. ඔයා ඒක කලා කියල ඔයාගෙ අප්පා දැනගත්තොත් මාවත් එල්ලයි"

ජිමින්ගෙ අප්පගෙ නපුරු මූණ මතක් කරන ගමන් ටේහියුන් කිව්වා.

" අයියෝ බයගුල්ලා. මටත් වඩා මෙයා බය වෙලානෙ "

" බයයි තමයි. ඒ උනත් මෙතන ඉන්න ඇල්ෆාව මතක් වෙද්දිත් මොකද්ද වෙනව වගෙ. එයා මාර හැන්ඩ්සම්. එයාගෙ මේට් වෙන කෙනා නම් මාර ලකී "

Jikook short stories حيث تعيش القصص. اكتشف الآن