Part Four

1.3K 309 70
                                    

එයා මට කැමති.. ඒකෙනේ හෙට කියන්නම් කිවුවේ.. එක පාර හා කියන්න ලැජ්ජා හිතෙන්න ඇති.. බාත්රූම් එකේ කන්ණාඩිය දිහා බලාගෙන මටම කියන ගමන් මං හිනා උනා.. පොඩි ශොර්ටක් විතරක් ඇදගෙන් ලැප් එකත් අරන් ඇදට ආවේ ගේම් එකක් ගහන්න හිතාගෙන.. කම්පැණි වල වැඩ හෝ ගාලා පිරිලා තිබුණත් ඒව මැනෙජ්ර් පිට පටවලා ලේසියෙන්ම ගැලවෙන්නයි මං පුරුදු වෙලා හිටියේ..

එකෙක්ට වෙඩි තියන්න යද්දිම ෆෝන් එකට මැසෙජ් එකක් ආවා.. සාමන්‍යෙක් සිම් කම්පැනියෙන් මැසෙජ් එකක් ආවොත් මිසක් වෙන කවුරුත් මට මැසෙජ් කරන්න හිටියේ නෑ.. ඕන කෙනෙක් හිටියොත් කෝල් එකක් ගත්තා ඇර.. දෙවනි පාරටත් මැසෙජ් එකක් එද්දී මං පොඩ්ඩක් එබිලා ස්ක්‍රීන් එක දිහා බැලුවා.. අන්සේව් නම්බර් එකක් නිසා මං ආය ගේම් එකට අවධානය දුන්නා.. ඒත් එක පාරට මතක් උන දෙයක් නිසා ඔඩොක්කුවෙ තිබුණ ලැප් එකත් අත ඇරලා ඇදේ පෙරලිලා මං ෆොන් එක අතට ගත්තා..

📥 හායි..

📥මේ මං ටේහ්‍යුන්..

මගේ මූණට හිනාවක් ඇදුනේ ඉබේටමයි.. මං ෆෝන් එකත් අතේ තියාගෙන ඇද උඩට හිටගෙන උඩ පනින්න ගත්තා.. ඒ එක්කම ආය ෆෝන් එකට මැසෙජ් එකක් ආව නිසා මං කලබලෙන් ඇදේ වාඩි වෙලා මැසෙජ් එක කියවන්න ගත්තා..

📥ඔයා වැඩක්ද එහෙනම් හෙට උදේට මැසෙජ් එකක් දාන්නම්.. ගුඩ්නයිට්..

වේව්ලන අත්වලින් මං මැසෙජ් එකක් ටයිප් කරා..

වේව්ලනවා..?

ඔව් මගෙ අත්පවා වේව්ලනවා සතුට වැඩි කමට.. මේ වගේ දෙයක් දැනුන පලවෙනි පාර..

📤හොව් හොව් යන්න එපා ටේ මං ඉන්නවා...

📤ටේ

📤ඔයා ගියාද...

📤අනේ මං ඉන්නවා..

📤යන්න එපා..

මං පුලුවන් තරම් වේගෙන් ටයිප් කර ටයිප් කර කර මැසෙජ් යවද්දී එයාගෙනුත් රිප්ලයි එකක් ආවේ මගේ මූණ පුරා හිනාවක් ඇදෙද්දී..

📥හොව් හොව් මං ගියේ නෑ ජන්කූ..

📤ඔහ් මං බය උනා ඔයා ගියා කියලා..

📥නෑ නෑ අනේ මං හිතුවේ වැඩක් කියලා..

📤ඇත්තටම නෑ.. මං ගේම් එකක් ප්ලේ කර කර හිටියේ.. සමන්‍යෙන් කාගෙන්වත් මැසෙජ් එන්නැති නිසා මං වැඩිය ගණන් ගත්තේ නෑ..

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Where stories live. Discover now