Part Seven

1.4K 294 116
                                    

පලවෙනි පාරට මං කෙනෙක්ගේ උනුහුමට ලෝභ උනා.. මං උදේ නැගිටිද්දී ටේහ්‍යුන් හිටියේ මට පුලුවන් තරම් ලංවෙලා.. ඒ අත් මගේ ඉණවටේ එතිලා... හැමදාම මේ විදිහට ඇහෙරෙන්න මං ඒ තප්පර ගාණ ඇතුලත හීන දැක්කා.. එයා හරිම උනුසුම් කෙනෙක්.. ආයේමත් ඇස් පියවෙන්න ආවත් ඒ රූපේන් ඇස් අහකට අරන් නිදාගන්න මට ඕන කමක් තිබුනේ නෑ..

ඒත් ආය පාරක් මට නින්ද ගිහින් තිබුනා.. ටේහ්‍යුන් මගෙන් ඈත්වෙන්න දගලද්දී මං ඇස් පියාගෙනම ඒ ඉණවටේ තිබුණ අත්වල ග්‍රහණය තවත් වැඩි කරා..

කපටියා නිදි නැද්ද නැගිටිනවා...

අයියෝ බබා.. ලවර්ස්ලා ඔහොම හැසිරෙන්නෑ අනේ.. ගුඩ්මොර්නින් බේබි කියලා මොර්නින් කිස් එකක් දීලයි එයාගෙ බබාව ඇහැරවන්නේ..

ඇත්තටම සමාවෙන්න මිස්ටර් ජන්කුක්.. ඔයාට මං කලින්ම වොර්නින් එකක් දුන්නා.. මං යස්ස කොල්ලෙක් කියලා.. මං කාවවත් හුරතල් කරන්නේ නෑ තේරුණාද..

ඕකේ බේබි.. වෙන කාවවත් හුරතල් කරන්න ලෑස්ති වෙන්න එපා කොහොමත්.. මාව හුරතල් කරොත් ඇති..😏

කුකී.. දැන්ම නැගිටින්න.. නැත්තන් මං හොද වැඩක් කරනවා.. ටේ මගේ ඇග උඩට නැගලා බඩ උඩ ඉදගෙන කොට්ටයක් අතේ තියන් කියද්දී මං සම්පුර්නෙන්ම ඇස් ඇරලා එයාගෙ වැඩේට අවදානය දුන්නා.

නැගිටනවා ගුටි නොකා.. මට අහන්න ගොඩක් දේවල් තියනවා..

මගේ ඇග උඩ නටන ටේව ඇදලා අරන් පපුවට හේත්තු කරගත්ත මං ඔහොම ඉදන් අහන්න මැණික ඕන දේකට උත්තර දෙන්නම් කියලා ඒ නලලට පොඩි කිස් එක්ක දුන්නා..

ටික වෙලාවක් යනකන් කොල්ලා සද්ද නැති නිසාම මං ඒ මූණ දිහා බැලද්දී එයාත් මගේ මූණ දිහා බැලුවා..

මොකද මේ කටර් එක වැහිලා..

ඔයාගේ හදවත වේගෙන් ගැහෙනවා කුකි..

ඔයා තමයි හේතුව..

මාව දාලා යන්න එපා ජන්කූ.. මට ඔයාට ගොඩක් ආදරෙයි..

ඔයා දාලා ගියත් මං ඔයාව දාලා යන්නෑ මැනික...

මං ඒ දේ කිවුවේ හදවතින්මයි.. ටේව මුලින් දැක්ක දවසේ ඉදන් මං නොසන්සුන් උන විදිහ දන්නෙ මං විතරයි.. එයාගෙන් උත්තරයක් ලැබෙනකන් ඒ දේ එයාගෙ කටින් අහගන්නකන් මං ඉවසන් හිටියා කියන දේ මටම පුදුමයි. මං ටේට ඇත්තටම ආදරේ කරනවා.. ජීවිතේ පලවෙනි පාරට මං කෙනෙක්ට ආදරේ කරනවා..

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Where stories live. Discover now