Part Ten

1.5K 290 124
                                    

මාස හතකට පසූ

අද මං හොස්පිටල් එකේ.. ජීවිත දෙකම බේරලා දෙන්න කියලා දෙවියන්ට යදින ගමන් මං එහේටත් මෙහාටත් ඇවිද්දෙ හුගක් කලබලෙන්.. ඒත් එක්කම මූණෙ තිබුන මාක්ස් එකත් ගලවන ගමන් ලේඩි ඩොක්ටර් කෙනෙක් එලියට ආවා..

Congratulation Mr.jeon ඔයා දැන් අප්පා කෙනෙක්..

ඩොක්ටර් දෙන්නම හොදින්ද..

ජිමිනුයි දරුවයි දෙන්නම හොදින් ඉන්නවා ජන්කුක් බය වෙන්න දෙයක් නෑ..

තැන්ක්‍ යූ ඩොක්ටර්.. තැන්ක් යූ සෝ මච්.. මගේ පිටට තට්ටුවක් දාපු ඩොක්ටර් මට ඇතුලට යන්න අවසර දීලා එතනින් ගියා..

මීට මාස අටකට කලින් මගේ දෛවය සම්පුර්නයෙන් කනපිට ගැහුවා..

ජීවිතේ පලවෙනි වතාවට ආදරේ කියන දේ දැනෙන්න දීපු කෙනා මාව තනි කරලා දාලා යන්න ගියා..

Flashback

ඊයෙ රෑ බිපුවාගේ ප්‍රතිපලයක් විදිහට මං නැගිට්ටේ කොන්දට අතකුත් තියාගෙන.. ඒ වෙනකොටත් ඇද රෙද්ද ඇග පුරා පොරව ගෙන ඉකිගහන ජිමින්ව දැක්කම මං ඩිම් වෙලා ගියා...

ජිමින් මොකද මේ. ඇයි මේ අඩන්නේ..

කිසි දෙයක් නොකියා මගේ මූණ දිහාවත් නොබලා ජිමින් තවත් හයියෙන් ඉකි ගහන ගමන් අඩන්න ගත්තා..

කොහෙද ටේ.. මං ජිමින්ගෙන් ඇහුවේ ජිමින් අඩන එකට හේතුව ටේ අනිවාරෙන්ම දන්නවා කියලා හිතුන නිසා..

ඒත් එක්කම ජිමින් මගේ දිහාට පොඩි කොලයක් විසි කරේ අඩන එක අතරින්ම මාව පුච්චන්න තරම් බැල්මක් දාලා..

මාත් ඇදට හේත්තු වෙලා වේව්ලන අත් වලින් ඒක කියවන්න ගත්තේ කොහොමවත්ම මෙතන වෙලා තියන දේ හොද දෙයක් නෙමෙයි කියල හිත කිවුව නිසා..

මැනික.. මට සමාවෙන්න. මං දන්නවා ඔයා ඒ කිසි දෙයක් හිතලා කරේ නෑ කියලා.. හිතලා නොකෙරුවත් ඔයා ඒ කරේ ආයෙමත් හැරිලා හරි ගස්සන්න පුලුවන් දෙයක් නෙමෙයි.. දන්නවද ජිමින්ට Male ප්‍රෙග්නැන්සි එකක් තියනවා.. ඒ නිසාමයි මං එයාව මලක් වගේ ආර්ක්ශා කරේ.. ඒත් මං ආරක්ශා කරපු, එයා ආරක්ශා කරපු හැමදේම ඔයා ඊයේ අරගත්තා මැණික.. මං දන්නවා ඔයා ඒ දේවල් කරේ මං කියලා හිතාගෙන කියලා.. මං ඒ දේ නවත්තන්න හැදුවත් ඒ වෙනකොටත් මං පරක්කු වැඩියි.. මේ දේ ජිමින්ට නොවි වෙන කෙනෙක්ට උනානම් කිසිම දවසක මං ඔයාව අත අරින්නෑ සත්තයි.. ඒත් ඒ ජිමින් එයා විශේශ කෙනෙක් ලෝකෙටම වගේම මටත් විශේශ කෙනෙක්.. මං ඔයාගෙ ආදරේට ලෝභයි මැනික.. දැකපු දවසේ ඉදන්ම ඔයාගෙ ස්පර්ශයක් වෙන කෙනෙක්ට වදින එකට පවා මං ඉරිසියා කරා.. ඒත් මට ජිමින්ට ඉරිසියා කරන්න බෑ.. මොකද එයාත් මට ඔයා තරම්ම වටින කෙනෙක්.. අනේ රත්තරං පුලුවන්නම් මට සමාව දෙන්න..

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Where stories live. Discover now