Part Five

1.3K 302 78
                                    

පහුවදා දවසම මං කරේ ඔරලෝසුව දිහා බලන් ඉදපු එක.. වෙනදට මට කරන්න තියන වැඩත් මැනෙජර් කාරයාට පවරලා මං පුටුවට හේත්තු වෙලා ඇස් පියාගත්තේ එහෙමවත් කාලෙ යවන්න හිතාගෙන..

නින්දක් නිදාගෙන ඇහැරියත් ඔරලෝසුවෙ තාම 10.25 සටහන් වෙලා තියනවා දැකලා මට හිතුනෙම තප්පර කටුවේ වැඩේ විනාඩි කට්ට බාරගෙන කියලා..

ඉවසීමේ සීමාව අන්තෙටම යද්දි මං ආය මැනෙජර් හන්ට කෝල් එකක් ගත්තේ ටේ හ්‍යුන්ව දොලහා වෙද්දී ඕෆ් එකක් දීලා එවන්න කියන ගමන්..

ඔරලෝසුවෙ 11.30 වදිද්දී මට ඇති උනේ කියාගන්න බැරි තරම් සතුටක්.. වටේටම හිනා වෙලා කාර් එකේ යතුරත් කරකව කරකව එලියට ආපු මං ඩ්‍රයිවර්ටයි බොඩිගාඩ්ලාටයි මගෙ පස්සෙන් එන්න එපා කියලා කියන ගමන් වාහෙන පනගන්වලා පාරට දැම්මා..

විනාඩි පහලවක් වෙන්නත් කලින් මට එතනට එන්න පුලුවන් උන නිසා මං කාර් එක පාර්ක් කරලා ඒ වටේට නොයිවසිලිමත්ව ඇවිදින්න පටන් ගත්තා..

...................................................................

ජන්කූ..

ටේ මගේ ලගට ඇවිත් මං දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ.. කැශුවල් ඇදගෙන කොන්ඩෙත් ටිකක් උස්සලා හදලා හිටපු ටේව දැක්කම මාත් හුගක් පුදුම උනා.. එයා වෙනදටත් වඩා ලස්සනට ඒ ඇදුමට පෙනුනා.. සුදු ටීශර්ට් එක කලු කලිසමට යට කරලා.. එයාට ඒ ඇදුම නිසා සරලවම කියනව නම් හෙන හොට්..

මාත් හිටියේ කැශූවල් ඇදන්.. කලු ටීශර්ට් එකයි නිල්පාට ඩෙනිමයි.. පැය ගානක් තිස්සේ මහන්සි වෙලා හදාගත්ත කොන්ඩෙත් එක්ක මාත් හුගක් හොට් විදිහට පෙනුනා..

හරි සිහියට ආපු මං තාමත් පුදුම වෙලා මං දිහා බලන් ඉන්න ටේගෙ අතින් ඇදන්  කාර් එක ලගට ආවා..

ජන්කූ. ඔයා කිවුවේ තුනට කියලනේ.. මැනෙජර් හන් මට දොලහට යන්න කිවුවා..

ඔව්.. කලින් එලියට ගත්තට දෙගුණයක් ගෙවන්න බලාගෙන ඉන්න ටේ..

මං කාර් එකේ දොර ඇරලා බලෙන්ම එයාව කාර් එක ඇතුලේ ඉන්දවලා මාත් ගිහින් ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි උනා..

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Where stories live. Discover now