Chapter 03

277 65 33
                                    

"ඔයාට ජන්ග්කුක් ගාවින් වාඩි වෙන්න පුලුවන් සොක්ජින්" සොන්සන්ග්නිම් කියද්දි මගේ ඇස් ඉබේටම ගියේ ජනේලෙන් එහා පැත්ත දිහා බලන් හිටපු ජන්ග්කුක් කියපු පිරිමි ලමයා දිහාවට. එයා නම් තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් වගේ. ඒ කියන්නේ මට මගේ නිදහසේ ඉන්න පුලුවන් මේ අවුරුද්දේවත්. 

එයා හරිම අහින්සක පාටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා හරිම අහින්සක පාටයි. නිකම් හරියට හා පැටියෙක් වගේ.

මම ගිහින් එයාගේ ගාවින් වාඩි වුනාම එයා මගේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආපහු ජනේලෙන් එලියට දිහා බැලුවා. මෙයා මොනවද මෙච්චර එලිය දිහා බලන් කරන්නේ? මොනවද දිගටම බලන් ඉන්න තරම් එලියේ තියෙන්නේ? මාව දැක්කාම හිනා වුනේ වුනේවත් නැත්තේ සමහර විට මම එතනට ආවට අකමැති නිසා වෙන්න ඇති.

සොන්සෙන්ග්නිම් ගණිත පාඩමක් කියලා දුන්නත් කිසිම ලමයෙක් ඒක අහන් ඉන්නවා කියලා නම් පෙනුනේ නැහැ. එයලා එයාලාගේ වැඩ. ජන්ග්කුක් දිගටම කරේ ජනේලෙන් එලිය දිහා බලන් හිටපු එක. ගෑණු ලමයි ටික දෙනෙක් මේකප් දානවා. ටික දෙනෙක් මගේ දිහා බලන් එක එක විකාර. මැද පේලි වෙන් වෙලා තිබුණේ ලව් බර්ඩ්ස්ලට. පිටිපස්සේම හිටපු පිරිමි ලමයි මොනවා හරි කරනවා. මම විතරයි පන්තියටම පාඩම අහන් හිටපු ලමයෙකුට හිටියේ.

"ඕනෙද?" පිටිපස්සේ හිටපු පිරිමි ලමයෙක් මගේ දිහාවට සිගරට් එකක් දික් කරලා ඕනද ඇහුවේ මම දිගටම එයාලා දිහා බලන් හිටපු නිසා. මම ඉක්මනට අනිත් පැත්ත බලා ගත්තා. මේ ලමයි..... හරිම අසංවරයි.

_Leya_


__🌠__

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now