Chapter 26

212 60 0
                                    

"සේජින්!!... මෙහෙ එනව ඇතුලට!!....."

ප්‍රින්සිපල්ගෙ ඔෆිස් රූම් එක ඇතුලෙ ඉඳන් එලියෙ හිටගෙන හිටපු සේජින් අන්කල්ට අඬගැහුවෙ නිකන් සේජින් අන්කල් අප්පාගෙ වැඩකාරයා වගේ.....

මට අප්පාට සේජින් අන්කල්ට එහෙම කතා කරන්න එපා කියල කියන්න ඕන උනත් මේ කැඩිච්ච මගුල් නහය නිසා මෙලෝ සෙද්දක් කරගන්න බැ.....

නහය ඇතුලෙන් දනවා ඉන්න බෑ.... ඒ වේදනාවට ඇස් වලින් කඳුලුත් ගලනවා.... අර්ර්ර්ර්ර්ර්ර්ර්..... අර ජේබ්‍යොම් ..... මං ඒකාව මරනවා.....

අප්පා අඬගහපු ගමන්ම සේජින් අන්කල් ඇවිල්ලා මගෙ එහා පැත්තෙන් හිට ගත්තෙ ඔලුව නවාගෙන...... මොනමගුලකටෙයි ඔලුව නවාගන්නෙ.....

ඒක අස්සෙ එලියෙන් ඇහෙන ෆෑන්ගර්ල්ස්ලගෙ අඳෝනාව.... අයියෝ මගෙ ඔලුව පැලෙන්න වගෙ ..... ඇයි මං ඇක්ටර්ස්ල ඉන්න පවුලක ඉපදුනේ.... ඇයි!!!

අප්පා ඉස්කෝලෙට අඩිය තියපු ගමන්ම ගෑනු ටික එයාගෙ පස්සෙන් දුවන්න ගත්තෙ ගාල කඩාගත්තු කුලු හරක් ටිකක් වගේ......

මගෙ අප්පා කොරියාවෙ දැනට ඉන්න වැඩිම මුදලක් අය කරන ඇක්ටර් කෙනෙක්.... ඒත් එයාගෙ පිටට පේන්න තියෙන වෙස්මූන ඇතුලෙ ඉන්න මහා ආත්මාර්තකාමීයා ගැන මේ ෆෑන්ස් ල දැනගත්තු දවසට අප්පගෙ ෆැන්ඩම් එක සුනු විසුනු වෙලා යන්නෙ.......

මගෙ සොක්ජන්ග්වත් අප්පා මට නැති කරා.... අවුරුදු දහයකට කලින් මගෙ ඇස් ඉස්සරහම උනු ඒ දේ තාම මගෙ හීන වලින් මාව මරාගෙන කනවා.....

මගෙ සොක්ජන්ග්ව මගෙන් උදුරගත්තා මදිවට දැන් මට මගෙ සොක්ජන්ග් වගේ ඉන්න එකම කෙනාවත් අප්පා මගෙන් ඈත් කරන්න හදනවා....

ඒත් අප්පා මගෙ ගුක්ව මගෙන් ඈත් කරොත් .... මං දන්නෑ මං මොනවා කරයිද කියලා....

ඇස් වලින් කඳුලු වැටෙන්න කලින් මං උඩ බලාගෙන එක දිගට ඇස් පිය ගැහුවෙ මට ඕන්නෑ මගෙ selfish අප්පා ඉස්සරහ දුර්වල වෙන්න....

කොහෙත්ම නෑ..... ඒ වගේම සොක්ජන්ග් ව මගෙන් උදුරගත්තා වගේ ගුක්ව මගෙන් උදුරගන්න දෙන්නෙත් නෑ....

__🌠__

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now