Chapter 14

251 61 3
                                    

තමුසේ මෙයා ගැන එච්චර වද වෙන්න මේ මන්දබුද්ධිකයා තමුසෙගේ කවුද?" එතන නායකයා වගේ පෙනුන කෙනා ඇහුවා.

"මගේ ගුක් මන්දබුද්ධිකයෙක් නෙවෙයි" මම එයාගේ කොලර් එකෙන්ම ඇදලා අරන් කිව්වා. "ඒ වගේම ඇහුවා නේද ඒ මගේ කවුද කියලා. ඒ මගේ මල්ලි මිනිහෝ. ආයේ එයාට අත තියලා තිබුනොත් බලා ගන්නම්."

"ඇයි මට මොනවා කරන්නද?" එයා මගෙන් එහෙම ඇහුවේ ගහගන්න වගේ. ඒත් එක්කම එයා අත ගුලි කරලා මගේ බඩට හොද පාරක් දුන්නේ මාව විසි වෙලා යන්න. ආහ්. ශිට් මේ ඩයට් ප්ලෑන් කෙහෙල්මල.

ඉවසුවා හොදටම ඇති දැන් නම්. සමහර විට මම අද අලුත් රෙකෝඩ් එකක් තියයි අඩුම කාලයක් ඉදපු පාසල විදියට මේක ගැන. මට මතක විදියට මීට කලින් එකේ මම හිටියේ දවස් පහයි. අලුත් රෙකෝඩ් එකක්. කමක් නෑ ඔහොම යන් කිම් සොක්ජින්. මේ පොඩි එවුන් මට මහ ලොකු කජ්ජක් නෙවෙයි. මම ට්‍රයි එකත් බුරුල් කරන ගමන් එහෙම හිතුවා.

"අනී හයුන්ත ගහල්ල එපා" ඒත් එක්කම ජන්ග්කුක් මැද්දට පැන්න නිසා මට ගහන්න ආපු පුටු පාර වැදුනේ එයාගේ උරහිසට. ආයිශ් පිස්සු කොල්ලා. මොනවද මේ කරේ. ගහපු පාරට එයා බිම වැටුනා. ආහ් එයාගේ උරහිසට මොකක් හරි වෙලා.

"ගු...ක්" මට කෑගැහුනා. අනේ මගේ පොඩි එකා. දැන් නම් හොදටම ඇති.

"මොකක් ද තමුසේ කරේ?" මම එහෙම අහලා අර පුටුවෙන් ගහපු කෙනාට ඒකම උදුරලා අරන් ගැහුවේ පුටුව කෑලි කෑලිවලට කැඩිලා යද්දි. මම ඒ ඔක්කොම ඇති වෙන්න හොදට නෙලුවා. අඩුම ගානේ මාසයක්වත් හොස්පිටල් ඉදීවි.

"කිම් සොක්ජින්, ජොන් ජේබ්යොම් දෙන්නම එනවා මගේ office එකට." ඒ කටහඩට අනුව නම් මට හිතෙන්නේ principle අපේ වලිය දැකලා. මම හිතන්නේ මේ මැර කල්ලියේ ලොක්කා වගේ හිටපු කෙනා ජේබ්යොම්ද කොහේ. "අනිත් අය ගිහින් බෙහෙත් දාගන්නවලා"

__🌠__


අලුත් කතාවක් පබ්ලිශ් කරා..... කැමතී නම් කියවන්න ලමායී 🌚

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now