Chapter 30

231 63 15
                                    

අප්පා සොක්ජන්ග් අඬද්දිම ඇද්ගෙන ගිහින් කාර් එක ඇතුලට තල්ලු කරල සොක්ජන්ග් ගෙ ඇඟටම එයාගෙ ඒ චූටි රෙදි බෑග් එකත් තල්ලු කරල දාලා දොර හයියෙන් වහලා දැම්මෙ සොක්ජන්ග් window එකේ වීදුරුවට අතින් ගගහා අඬද්දි....

එයාගෙම අප්පා උනාට අප්පා සේහි ආන්ටි ප්‍රෙග්නට් වෙලා ඉද්දි උනත් කිසිම දවසක පොඩිම හරි affection  එකක් සේහි ආන්ටි වෙනුවෙන් පෙන්නුවෙ නෑ......

අනිත් පැත්තෙන් මගෙ ඔම්මා උනත් සේහි ආන්ටිට අපෙ ගෙදර ඉන්න දුන්නෙ සොක්ජන්ග් නිසා උනත් ඔම්මා සොක්ජන්ග් ඉපදුනාට පස්සෙ සොක්ජන්ග්ට ඔම්මා කෙනෙක් උනෙ නෑ.....

අප්පා කෙනෙක් විදිහට හරි ඔම්මා කෙනෙක් විදිහට හරි සොක්ජන්ග් ගාව කිසිම කෙනෙක් හිටියෙ නෑ..... අජුම්මා ඇරෙන්න.... සොක්ජන්ග් ව බලාගන්න හිටපු අජුම්මා.... එයත් මගෙ සොක්ජන්ග් මේ ලෝකෙන් ගියාට පස්සෙ අප්පා ගෙදරින් එලෙවල දැම්මා....

ගේ දොරකඩට වෙලා ඔම්මාගෙ අතින් ගැලවෙන්න දඟල දඟල කෑ ගගහා අප්පට සොක්ජන්ග් ව එක්කන් යන්න එපා කිව්වත් අප්පා මං වැලපි වැලපි කියන කිසි දෙයක් ඇහුවෙ නෑ.... කිසිම දෙයක්..... අප්පා බීරි මනුස්සයෙක් වගේ කාර් එකට නැගලා යන්න ගියා..... ඒත් මං නිකමට වත් හිතුවෙ නෑ මට එහෙම හිතන්න ඕනකමක් තිබ්බෙත් නෑ.
... ඒත්.....අන්තිම වතාවට මං සොක්ජන්ග් ව දැක්කෙ කාර් එකේ වීදුරුවෙ එල්ලිලා එයාගේ රතූවෙලා ඉදිමිලා ගිහින් තිබ්බ ඇස් වලින් මං දිහා බලන් "හ්‍යොන්ග් මාව මෙතනින් ගන්නකෝ" කියල අයදිනවා වගේ මගෙ කොල්ලා මගෙ මල්ලි මං දිහා බලන් හිටියෙ..... මගෙ මල්ලි එතනින් පස්සෙ කවදාවත් අපෙ ගෙදරට පය තිබ්බෙ නෑ......

ඔක්කොම මගෙ අප්පා නිසා.... ඒ වගේම මගෙ ඔම්මා නිසා.....

__🌠__

යි අනේ ඔයාලා comment  කරන්නැත්තෙ 😒😒....

චැප්ටර්ස් පොඩි නිසාද 😐

නැත්තන්  story line එක not interesting  ද? 🙄

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now