අන්තිම හුස්ම විඩාබර නොවේ මට..🍃

97 29 19
                                    

සද නොදුටුව දෙනෙත් වැළපුනි
තරු වටකර සදු සිනාසුනි
වළාකුළු අතර විටෙක සැගවුනි
දිනෙක යාවි මා
නිමකර පැමිණි සංචාරය
සද තරු වළාකුළු මැදින්
නැගී යන්නෙමි ඉහළට
දෙව්ලොවින් වැයේවි සොදුරු වීණා නාදයක්
සවන් යොමන්න ඒ දෙස
තරුවක් වී මාද නේක තරු මැද
බලා හිදිනෙමි
රගහලක් බව ජීවිතය නොවැටහෙනු ඇත කිසි දිනෙක
ලැබුනු බව ඔබ හදවත,එකම දිනුමයි මා ලද
අහස මගෙ නුඹමයි
විඩාබර හදවතට සැනසීම අපමණයි
නුබතලයට සුසුම් මුසු වේවි ඔබට පෙර
දෑස් දල්වා බලනු මැන..
දීප්තිමත් ම තරුවක්ව
නික්ම ගියද මම
යළිත් එන්නම් දිනක
සොදුරු මිනිසෙක්ව!

To my Readers-

       හෙට දවසත් අවිනිශ්චිතයි..ඒත් මේ දැන් යන්න උනත් යන්න පුළුවන් නම් සතුටින්,ඔව් ඔයා සාර්ථක මනුස්සයෙක්..

ඒත් මේ දැන් යන්න උනත් යන්න පුළුවන් නම් සතුටින්,ඔව් ඔයා සාර්ථක මනුස්සයෙක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
U N T I T L E D ✍️Donde viven las historias. Descúbrelo ahora