🌸Dear Blossoms🌸

212 31 6
                                    

අන්යොන් බ්ලොසම්ස් 🌸🌸🌸😍😍😍

අද පාන්දර තුනට තමා මම ඔයාලගෙ comments කියවලා reply කරන්න පටන් ගත්තෙ. ඉතින් දැන් තමා ඉවර උනේ..😁😁😁

සමහර comment අවුරුදු ගානක් පරණයි.. සමහර ඒවා මාස ගාණක් පරණයි. මේ ඕතර්නම් හරිම ආඩම්බරයි කියල හිතලත් ඇති සමහර අය. ඒත් මං ගැන දන්න අය දන්නවා පුංචිම comment එකටත් මම reply කරන විදිය. ☺️☺️☺️ මුලින්ම සොරි කියන්න ඕනි reply කරන්න මේ තරම් පරක්කු උනාට. 🙏

ඇත්තටම මට අද ගොඩාක් සතුටුයි. ඔයාලා මගේ මේ කතා වලට කොච්චර ආදරේද කියලා මට ඒ ලස්සන comment වලින් පෙනුනා.. ඒවා මට කොච්චර ශක්තියක් උනාද කියලා කියන්න මට වචන මදි ඇත්තටම. උදේ ඉඳන් මම හිනා උනා දුක් උනා ඇස් වලට කඳුළුත් පිරුනා. මගේ කතා කියවලා ඒ ගැන ඔයාලට හිතෙන විදය හරි ලස්සනට අකුරු කරලා තියෙනවා බල බල මම ගොඩක් සතුටු උනා.

මම කතා ලියන්න පටන් ගත්තෙ විනෝදෙට වගේ. මම හිතුවෙ නැහැ මගෙ කතා වලට මෙච්චර රසික පිරිසක් එකතු වෙයි කියලා. ඒත් බලන්න අද වෙනකොට කොච්චර පිරිසක් මගෙ කතා වලට ආදරේ කරන්න පටන් අරගෙනද කියලා. ඉතින් ඒ තරම් සතුටක් මට කොහෙන්ද? අද මේ ඉන්න ඕතර්නිම් ව ගොඩ නැඟුවෙ ඔයාලා එකතු වෙලා. ඒ credit එක යන්න ඔනි මගේ බ්ලොසම්ස්ලා හැමෝටම.. කුමාවෝ පැටව්නෙ මගෙ කතා වලට මෙච්චර ආදරේ කරාට.. ඒ වගේම මාත් එක්ක දිගටම ඉන්නවට.

මම ලියන හැම චැප්ටර් එකක් ගානෙම අවසානයෙදි මම දානවා ඔයාලට හිතෙන දේ comment කරන්න කියලා. මොකද ඊලඟ කොටස ලියන්න මම පණක් ගන්නෙ ඒ comments බලලා. ඉතින් පුංචි හරි comment එකක් දාලා මාව දරිමත් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි..

ඉස්සරහටත් මම දිගටම ලියනවා. මං වෙනුවෙන් ඒ වගේම ඔයාලා වෙනුවෙන්. ඉතින් හැමදාම මාත් එක්ක ඔයාලා ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා..

සරන්ග්හේ බ්ලොසම්ස්.. ඒ වගේම
කුමාවෝ..❤❤❤🌸🌸🌸💜💜💜🥺🥺🥺🥺😘😘😘😘

🌸මේ ඔයාලගෙ ඕතර්නිම්🌸

🌸මේ ඔයාලගෙ ඕතර්නිම්🌸

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now