🥳🌸 1K Followers 🌸🥳

34 10 10
                                    

අන්යොන් බ්ලොසම්ස්....❤❤❤❤❤

1k followers...... යේ....🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

අද උදේම ඉස්සෙල්ලම දැක්කෙ මේක... 😁😁😁😁😁😁හිතට දැනුන සතුට කියලා නිම කරන්න බැහැ.😭😭😭😭😭 ගොඩක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි මගෙ බ්ලොසම්ස්ලා හැමෝටම.. 🥺🥺🙏🙏🙏අද මම මේ සතුට විඳින එකම හේතුව ඔයාලා..🥺🥺🥺🥺🥺🥺🌸🌸🌸🌸🌸🌸 ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටුයි..

මම wattpad වලට එන්නෙ 2019 දි. ඒ මගේ චෙරි බ්ලොසම් කතාව ලියන කාලෙ. Followersලා එක්කෙනා දෙන්නා එකතු වෙද්දි හරි සතුටු හිතුනා. ඉතින් කාලයත් එක්ක followersලා ගණන ගැන වැඩිය නොහිතා මම මගේ කතා ගැන හිතන්න පටන් ගත්තා.

මෑතකදි wattpad වල අමුතු පුනරුදයක් ඇති උනානෙ. අලුතෙන් ආපු ගොඩක් ඕතර්ස්ලාට ටික කාලෙකින්ම 1k පන්නලා followersලා ඇති උනා. ඒ කාලෙ මම දන්න කියන පරණ ඕතර්ස්ලා කීපදෙනෙක්ම මාත් එක්ක කතා කරලා හරියට දුක් උනා ඒ ගැන. (අලුත් ඕතර්ස්ලා ගැන තරහෙන්වත් ඉරිසියාවෙන්වත් නෙවෙයි හොඳද) එයාලා කිව්වෙ අපි කොච්චර මහන්සි වෙලා ලස්සන කතා ලිව්වත් වැඩක් නැහැ දැන් රැල්ලට යන එකම කතා සෙට් එකක් තියෙනවා ගොඩක් රීඩර්ස්ලා කැමති ඒ වගේ කතා වලට කියලා. මේ නිසා wattpad කතා ලියන එක නවත්තලා දාන්න හිතපු අයත් හිටියා.

මම එයාලට කිව්වෙ එකම එක දෙයයි. අපි කවදාවත් අපේ අනන්‍යතාවය නැති කරගන්න හොඳ නැහැ. අපි ලියන්න ඕනි අපිට හිතෙන දේ මිසක් රීඩර්ස්ලට ඕනි දේ නෙවෙයි. එහෙම උනොත් එතන කිසිම රහක් නැහැ. අපි රීඩර්ස්ලට ඕන විදියට ලියනවනම් ඇත්තටම එතන අලුත් දෙයක් ලියවෙන්නෙ නැහැ. ඒ නිසා අපි ලියන්න ඕනි අපිට ඕනි දේ. අපි ලියන දේට කැමති වෙලා අපිව follow කරන රීඩර්ස්ලා තමා අපිට වැදගත් සහ වටින්නෙ.

ඉතින් ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රැකපු කෙනෙක් තමයි මම. ඒ නිසා මේ කාලයේ ගොඩක් රීඩර්ස්ලාගෙ අවධානය දිනා ගන්න පුළුවන් විදියෙ කතා මගෙ අතින් ලියවුනේ නැහැ. උදාහරණයක් විදියට BL, GL, ship, vampire, wolf, 18+,12+ වගේ Category වලට වැටෙන කතා නොලියා ඉන්න මම පරිස්සම් උනා. අඩුම තරමෙ bromance කතාවක්වත් මම ලිව්වෙ නැහැ. ඒවා ලියන ඒකෙ වරදක් මම දකින්නෙ නැහැ. නමුත් මට හිතුනා ගොඩක් රීඩර්ස්ලා ඒ category එකට ආසාවට මගෙ followersලා වෙයි කියලා. මට ඕනි උනේ මගෙ කතාවලට, මගෙ ලීවීමේ ශෛලියට, මම ලියන වචන වලට සහ මම ගොඩනඟන චරිත වලට ආදරේ කරන පිරිසක් මගේ වටා එකතු වෙනවට. කියන්න සතුටුයි මගේ බ්ලොසම්ස්ලා හැමෝම ඒ ගොඩට අයිති වෙනවා. 🥺🥺🥺🥺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ඉතින් ඔන්න ඔය හේතුව නිසා වෙන්න ඇති අවුරුදු හතරකට පස්සේ අද මම මේ සතුට මගේ හදවතින්ම විඳිනවා. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටක්. ඒ නිසා අලුතෙන් ලියන්න පටන් ගන්න හැම ඕතර් කෙනෙකුටම මම කියන්නේ හැම මොහොතකම තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ලියන්න.. තමන් තමන්ම වෙන්න. කොයිමොහොතකවත් රැල්ලට ඇදිලා යන්න එපා. මේ සතුට හදවතින්ම විඳින්න පුළුවන් විදියට ලියන්න. ඒ සතුට විඳලම බලන්න..🥺🥺🥺🥺

ඉතින් මගේ ආදරණීය බ්ලොසම්ස්ලා හැමෝටම ආපහු සැරයක් ගොඩක් ගොඩාක් ස්තූතියි මට මේ දුන්න සතුටට. 🥺🥺🥺🥺🌸🌸🌸🌸 කුමාවෝ මගෙ කතාවලට මේ තරම් ආදරේ කලාට... කුමාවෝ මාව විශ්වාස කරලා මාත් එක්ක මේ ගමන යන්න ආවට. ඉස්සරහටත් ඔයාලා මාත් එක්ක මේ විදියට ඉඳීවි කියලා මම විශ්වාස කරනවා. ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම. 🥺🥺🥺🥺🌸🌸🌸🥰🥰🥰😘😘😘

මේ ඔයාලගෙ ආදරණීය ඕතර්නිම්
🌸චන්මි 🌸

ප.ලි.

මම මේ සතුටට මගෙ බ්ලොසම්ස්ලා වෙනුවෙන් පොඩි ගිෆ්ට් එකක් ලෑස්ති කරනගමන් ඉන්නෙ. මම හිතුවෙත් නැහැ මේ තරම් ඉක්මණට 1k වලට ලං වේවි කියලා. පුළුවන් තරම් ඉක්මණට ඒ ගිෆ්ට් එක දෙන්න බලන්නම්..🙈🙈🙈🌸🌸🌸🌸

🙈🙈🙈🌸🌸🌸🌸

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now