🌸Be Yourself🌸

62 16 6
                                    

හෑල්ලක් අරන් ආවා..😅😅😅😅

මම මේ fandom එකට ආවෙ 2018දි. (ආමි උනේ 2016) කට්ටියට හිතෙන්න පුළුවන් මෙයාගෙ වැඩේ මේක කියවන එකමයි කියලා. කරන්න දෙයක් නැහැ පටන් ගැන්ම කියලම එපැයි අදාල කාරණාවට බහින්න.😅😅😅😅 එතකොටත් ලස්සන Fan Fiction ලියන authorsලා කිහිප දෙනෙක් හිටියා. ඒ කාලෙ දැන් වගේ ගොඩක් FF තිබුණෙ නැහැ. හරිම ටිකයි තිබුණෙ. ඒ වගේම ආවට ගියාට කතා ලිව්වෙත් නැහැ. අපි ඒ හැම කතාවක්ම හරි ආසාවෙන් කියෙව්වා. 2018 ආවට මොකද මම මගේ 1st FF එක ලියන්නෙ 2019.09.02. අපි ආපු ගමන් FF ලියන්න පටන් ගත්තෙ නැහැ. දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට අධ්‍යනය කරා.  එහෙම පටන් ගත්ත ගමන තමා දැන් මේ යන්නෙ. ඔයාලට කියන්න මම ඔය ෂිප් ගැන සහ ෂිප් FF ගැන දැනගත්තෙත් 2019දි. ඒ මගේ කතා දාන්න 2019 October wattpad account එකක් හැදුවට පස්සෙ. ඉතින් ඔහොම ගිහින් මගේ දෙවනි FF එකත් ලියලා මම තුන්වෙනි FF එක ලියන්න පටන් ගත්තා. මම අදටත් කියනවා මගේ Fan Fiction වල Turning point එක තමා ඒක.. නම 🌸 Cherry Blossom 🌸. මම ඒක ලියන්න පටන් ගත්තෙ 2019.10.17.

ඉතින් මගෙ කතාව ගොඩක් අය හරිම ආදරෙන් වැළඳගත්තා. චැප්ටර් ඉල්ලලා කරදර කරපු. තර්ජනය කරපු හරිම ලස්සන කාලයක්. කතාව කියවන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු රසිකයො පිරිසක් හිටියා මට.. කොටින්ම ලොකු වලියකුත් ගියා ඒකට.😆😆😆😆 ඒ කාලෙ ඉඳපු අයට මතක ඇති ඒවා.

ඉතින් දැන් දැන් තත්වය ගොඩක් වෙනස්.. දැන් Fan Fiction නොලියන කෙනෙක් නැති තරම්. ඒ අතරත් අද ආවා හෙට FF ලියන්න පටන් ගත්තා වගේ අය වැඩියි. Wattpad වල සිංහල FF 2000+ විතර තියෙනවා. ඇත්තටම මේ අතර හොඳ නිර්මාණ හරිම අඩුයි කොපි කරලා ලියන පිරිස වැඩියි. ගොඩක් අය wattpad English ship FF අරගෙන සිංහලට දාලා ලියනවා. ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන අය ඉන්නෙ හරිම අඩුවෙන්. ඒ විතරක් නෙවෙයි 18+ දාගෙන කතා ටිකට views ටිකත් දාගන්න පිරිසකුත් ඔය අතර ඉන්නවා. හැබැයි ඒ authorsලාට තාම 18 වෙලත් නැහැ.😅😅😅 ඇත්තටම මම මේ පෝස්ට් එක දාන්න ප්‍රධාන හේතුව ඔය එකක්වත් නෙවෙයි වෙන දෙයක්.

2020. 09.04 වෙනිදා මම මගේ readersලාට වෙනම fandom එකක් හැදුවා. ඒකෙ නම විදියට මම තෝරගත්තෙ 🌸Blossoms🌸මොකද මගේ FF වල turning point එක උනේ 🌸Cherry Blossom🌸 FF එක නිසා.

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now