part 13

113 26 1
                                    

Part 13

Chanyeol pov

Flash back.....

මන් අදත් ඔෆිස් එකේ ඉදන් එහෙමම ආවේ ක්ලබ් එකට... ඒ එද්දි කල්පනා කර කරම ආවේ දවල් kyungsoo මට එවල තිබුණු cctv video ටික.. ඒ හැම එකකම තිබ්බේ චෑන් බෙක්ව කොලේජ් එක ලගදි හම්බෙනවා... ඒ විතරක්‌ නෙමෙයි බෙක් VJ එක්ක ඉන්න ඒවත් තිබ්බා...

කන් බිරි කරන තරම් සංගීතයට මත් වෙලා පිස්සුවෙන් වගේ දගලන මිනිස්සු අස්සෙන් මන් ගිහින් ක්ලබ් එක කෙලවර ටිකක් අඳුරු තැනකින් ඉදගත්තා...කෙල්ලෝ කොච්චර මගේ ලගට ඇවිත් දැවටී දැවටී හිටියත්... මට මතක් වෙන්නෙම ටාලියා ගැන විතරයි....

"ශික්..... ඕකිව මට මතක් කරන්න එපා.... ඕකි ගැන මට හිතන්න ඕනි නැ...."

වේටර්ගෙන් බෝතලයක් අරගෙන එක හුස්මෙට මන් බීගෙන බීගෙන ගියා.... මට ඕනි වුනේ මගේ ඔලුවේ මේ වෙලාවේ තියෙන හැම දෙයක්ම අමතක කරලා දාලා ඔලුව ටිකක් relax කරගන්න...බෝතල් එකක් දෙකක් නෙමෙයි බෝතල් හතරක්ම මන් එක දිගට බිලා ඉවර කලා.... දැන්නම් නිකම් වටේ තියෙන හැමදේම කැරකෙනවා 😂😂😂😂... මන් ඉදන් හිටපු සෝෆා එකෙන් නැගිටින්න හැදුවත් ආපහු මාව ඒක උඩටම වැටුනා.....ඒත් එක්කම පුරුදු මුණක් මන් ලගට ඇවිත් හිටගගත්තා.....

" කිම් සේරි..... ඔයා....... "

"සෙරි තමා මන් ඇයි මොකද? මොකක්ද චෑන් මේකේ තේරුම? තමුසේ කොච්චර වැදගත් මනුස්සයෙක්ද අහ්හ්? ඇයි මෙහෙම බේබද්දෙක්‌ වගේ හැසිරෙන්නේ? තමුසෙ මහා ලොකුවට අරකිව marry කරගත්තට තමුසේ විදවන තරම් තමුසේ දන්නවද චෑන්?  ඕකි බේක්ව අදත් මිට් වුනා.. වුන් දෙන්න එකම car එකේ නැගල ගියා.. තමුන් දන්නවද ඒකි අද කොලේජ් ගියේ නැ.. ඒකි බේක් එක්ක හිටියේ.."

"🥲 කිම් සෙරි.... තමුසේ මොනාද මේ කියවන්නේ අහ්හ්හ්.... මන් ඉන්නේ මෙතන තමුසෙගෙ බොරු අහන්න පුළුවන් mind එකකින් නෙමෙයි.. Soo just leave, මට මගේ පාඩුවේ ඉන්න දීලා යනවා මෙතනින්.... "

සෙරි කියන හැමදේම ඇත්ත කියලා මන් දන්නවා.... මන් ඒ හැමදේම ගැන මේ වෙනකොටත් දැනගෙන හිටියේ... ඒත් මට මගේ කේන්තිය ටිකක් නිවාගන්න ඕනි වෙලා හිටියේ... මට අරකිව දැක්කම මගේ කේන්තිය පාලනය කරගන්න බැරිවෙනවා.... මගේ අතින් නරක දෙයක් වෙයි කියලා මන් ඇත්තටම බය වුනා.... ඒත් සෙරි ඇවිත් ආපහු මගේ ඔලුව සම්පුර්ණයෙන්ම විකාරයක් කරන්න ගත්තේ.... ආපහු පාරක් ටාලියා පණපිටින් පුච්චන්න පුළුවන් තරම් දරුණු හැගීමකින් හිත පිරිලා යද්දී......

"මේකයි මිස්ටර් පාර්ක්‌... තමුන්ගේ ලොකු වචන මට අදාලම නැ.. මට අහු වුනොත් මන් ටාලිව ඉතුරු කරන්නේ නැ... මන් මේ තරම් ඉවසන්නේ මන් තමුන්ට සෑහෙන්න ආදරෙ කරන නිසා.... මන් කැමති නැ news වලට තමුන් ගැන නරක දේවල් පෙන්නනවට.... දැන්වත් මේ විකාරේ නවත්තනවා චෑන්.... මෝඩයෙක් වෙන්න එපා.....

අනික මේ ෆොටෝ බලනවා චෑන්.... මේ තුන්දෙනා එකටමයි අද ඉදල තියෙන්නේ.... අහ්හ්හ් මෙන්න මේක බලනවා... මේ ෆයිල් එක බලනවා... තමුසෙ අවුරුදු ගානක් හම්බ කරපු කොටස් වල 57%ක ෂෙයාර්ස් දැන් අයිති බෙක්ට.. ඒවා කොහොමද බේක්‌ට හම්බුනේ චෑන්? අහ්හ්.... ඒවා කොහොමද බේක් ලගට ගියේ....?තමුසේ නොදන්නවා උනාට එදා ඉදන් අවුරුදු පහක ඉදන්... බේක්‌ හිටියේ VJ එක්ක... ටාලියා වුනත් එකපාර තමුන් මැරී කරන්න කැමති වුනේ ඒ නිසයි...."

සේරි කියපු දේවල් මන් අහන් හිටියේ සිහියත් අසිහියත් අතරේ ඉදන්.... එක පැත්තකින් යාලුවෙක්ගෙ ද්‍රෝහීකමක්..... යාලුවෙක් නෙමෙයි හොදම යාලුවෙක්ගෙ.... අනිත් පැත්තේ නමක් දෙන්න බැරි අමුතුම හැගීමක වේදනාවක්‌.... මන් අමාරුවෙන් නැගිටලා ක්ලබ් එකෙන් එලියට ඇවිත් කාර් එකේ නැගල ගෙදර ආවා..... ආපු වෙලේ ඉදන්ම කලේ හිතේ තරහ නිවෙනකම්ම  ටාලියට දසවද දුන්නු එක විතරයි..........

Flash back end..

Back to present..........

Author pov..

රාමෙන් එක තම්බන්න තිබ්බ උනු වතුර එක සම්පුර්ණයෙන්ම කිසිම හිතක් පපුවක් නැතුව චෑන් ටාලියගෙ ඇගට හැලුවා.... ටාලියා වේදනාවෙන් කෑ ගහන දිහා චෑන් හිනා වේවි බලන් හිටියා... ඒත් එක්කම ඉස්සරහ දොරත් ඇරන් ඇතුලට ගෑනු කෙනෙක් ආවා... ඒ කෙනා දුවගෙන ආපු ගමන් ටාලියව අල්ල ගද්දිම ටාලියට සිහි නැති වෙලා ඒ කෙනාගේ ඇගට වැටුනා.... ඒ ගෑනු කෙනත් ටාලියව අල්ලාගෙන  හයියෙන් අඩන්න ගද්දි තමයි චෑන් හරි සිහියට ආවේ.....

............................................................

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
#im not fine 💔Where stories live. Discover now