part 15

134 29 2
                                    


මගේ අවසරේත් අරන් ලිසා ගිහින් අර දෙන්නට ඇතුලට එන්න ඉඩ දුන්නා... තප්පර ගානක් ඇතුලත VJ ත් එක්කම kyungsoo ත් රූම් එකේ දොර ඇරන් එලියට ආවා....

" චෑන්... දැන් කාලේ හරි නේද මේවා සම්පුර්ණයෙන්ම ඉවරයක් කරලා දාන්න....... "

VJ  ඇවිත් මගේ ඉස්සරහ තියෙන පුටුවෙන් වාඩි වුනා...

" උබට හිතෙන්නේ නැද්ද මගේ නංගිව දැන්වත් නිදහස් කරන්න ඕනි කියලා? ඒකි තවත් උබ ලග විදව විදව ඉන්නවට මන් පොඩ්ඩක්වත් කැමති නැ බන්... එක්කෝ උබ ඒකිට ආදරෙ කරපන්... නැත්තම් ඒකිට යන්න ඇරලා ඩිවෝස් එක දීපන්.. උබ ඒකිට මෙච්චර දේවල් කරලත් ඒකි තාමත් උබ ලගට වෙලා ඉන්නේ ඒකි උබට ආදරේ කරන නිසා.... ඒකි හැමදේම දැනගෙනත් ඒකි බොරුවට විදවනවා කියලා දැනගෙනත් උබ ලග හිටියේ උබට ආදරෙ නිසා.... ලේසි පහසු කාලයක් නෙමෙයිනේ බන් දැන් අවුරුදු  තුනක්... කොරියාව වගේ නෙමෙයි බන් ලංකාව... එක්කෝ උබ ඒකි එක්ක හිටපන් නැත්තන් ඒ කෙල්ලව නිදහස් කරපන් බන්......

ඔව් VJ කියන කතාව ඇත්ත... මන් හැමදේම දැනගෙනත් තවත් ඒ අහිංසක කෙල්ලට දුක්‌ දෙන එක නවත්තන්න ඕනි... හ්ම්ම්ම්ම් මන් මොකක්ද දැන් කරන්නේ... මොන දේ කරන්නත් ටාලියගෙන් කෙලින්ම අහන්න ඕනි... මට තනියෙන් කිසිම දෙයක් තීරණය කරන්න බැහැ ආපහු.....

" VJ කියන කතාව ඇත්ත යොලා... අපේ මෝඩකම නිසා මගේ නංගි විතරක්‌ නෙමෙයි අපේ හොදම යාලුවෙකුත් අපිට නැත්තටම නැති වුනා... එහෙව් එකේ තව කෙල්ලෙක්ගෙ ජිවතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනි නැනේ බන්... උබ ඒකිට ආදරෙයි කියලා අපි හැමෝම දන්නවා... ඒ නිසා තීරණයක්‌ ගද්දි පරිස්සමින් හිතලා බලලා ගනිම්... ආපහු කලබල වෙලා මෝඩ තීරණ ගන්න හිතන්නවත් එපා...

අහ්හ් ඒක නෙමෙයි උබ park omma ලගට යන්න හිතනවනම් ඒකත් සම්පුර්ණයෙන්ම හිතෙන් අමතක කරපන්... මොකද මෙච්චර කල් උබට වින කරපු තරමක් වින කලේ ඒ ගෑනි තමා... මතකනේ එදා සිද්ධිය..... සේරා නොහිටින්න උබයි ටාලියයි දෙන්නම මෙලහකට කාලකන්නි වෙලා ඒ ගෑනි නිසා...එදා හරිම වෙලාවට තමා සේරා මොලේ ඇතුව වැඩක් කරේ.......

ඔව් ඒක ඇත්ත..... ඒ දේවල් මට තාමත් මගේ හිතින් අයින් කරගන්න බැරි වුනේ මගේ නමට කියලා හිටපු අම්මම මේ දේවල් වලට හේතුවක් වෙලා හිටපු නිසා.....

#im not fine 💔Where stories live. Discover now