chapter 2💗

206 51 28
                                    

Will you date me???

Hmmm.... yes....😊😊
ජිමින් එහෙම්ම හිතා ගත්තේ ටේ එයාගෙ අත අල්ලගෙන ලස්සන පිට්ටනියක් මැද්දෙන් දෙන්නා දුවගෙන යන විදිහ ඒ එක්ක්ම ටේ එයාව කිස් කරන විදිහ මේ හැම එකක්ක ජිමින්ට මැවිලා පේන්න ගත්තා..




ජිමින් .....

ජිමින්...

මොන ලෝකෙද ඉන්නේ....

ජිමින්....

ආහ්.... මොකද්ද ...

ජිමින් දැක්කේ එයා ඉස්සරහට වෙලා අත වන වන එයාගෙ නම කියලා කතා කරන ටේ ව....

හපෝ හීනයක් ද?? සැක් ජිමින් එහෙම්ම බිම බලාගත්තා...

මොන මෝඩ ප්‍රශ්නයක්ද ජිමින් ඒ ඇහුවේ... කාව හරි  date කරනවද කියලා ....ඔයා ගිහින් ඔයාට ඕනේ නම් ඔය ගස් වල ඉන්න වදුරො ටිකක් date කරන්න මෙතන.. මෝඩ කොල්ලා ඇවිත් වාඩි වෙලා මේ වැඩ ටික කරන්න...

ජිමින් ඇත්තටම මේ ලෝකෙට ආවේ ටේ ගෙ කටේ සද්දෙට..

ජිමින් එහෙම්ම ඇවිත් වාඩි වෙලා ටේට ආපහු කතා කලා..

ටේ නෑ නෑ මම දැන් නම් ඇත්තටමයි අහන්නෙ.. ඔයා කාව වත් date කරන්නෙ නැද්ද.. කවදද ඔයා date කරන්න හිතාගෙන ඉන්නෙ .. මට කියන්න...මම මම.. මේ........ දන්න ගෑනු ලමයෙක් ඉන්නවා... ඔයාට පුලුවන් එයාව ඩේට් කරන්න

ජිමින් අන්තිම ටික කිව්වෙ නම් සද්දේ පොඩ්ඩක් අඩු කරලා...

ටේ ට තේරුනා මේ හැම දේම ටේගෙ අම්මා තමා ජිමින්ට කියලා එවලා තියෙන්නෙ කියලා .ටේට මේක හුරුයි හැමතිස්සෙම වගේ mrs.kim ජිමින්ගෙ අතේ එක්කො කවුරු හරි ගෑනු ලමයෙක්  නැත්තන් පිරිමි ලමයෙක් ගැන කියලා එවනවා... ටේ හැම දාම ජිමින්ගෙ අතේ කියලා යවන්නෙ එකම එක උත්තරයයි...

මම කැමති නෑ....

Mrs. Kim නෙමෙ සැලෙන්නෙ හැමදාම වගේ කවුරු ගැන හරි ජිමින්ගෙ අතේ කියලා එවනවා.. හැබැයි mrs.kim ට හිතා ගන්න බෑ ඇයි ටේ මේ කිසි කෙනෙක්ට කැමති නැති වෙන්නෙ කියලා...

අනේ ටේ...... අහන්නකෝ පොඩ්ඩක්...

ටේ හිටියෙ ඔලුවට අත තියාගෙන....

පොඩ්ඩ්ක මං කියන දේ අහන්නකො..

ජිමින්ගෙ වදේ ඉවස ගන්න බැරිම තැන ටේ ඔලුව උස්ස්ලා ජිමින් දිහා බැලුවා..

 i was always yours 💞Where stories live. Discover now