chapter 3💗

205 50 27
                                    

දැන් ටිකක් හවස් වෙලා..උදේ ජින් හියුන්ග් කියන්න ගියේ මොකද්ද කියලා කල්පනා කරන ගමන් ජිමින් හිටියේ එයාලගෙ ගෙදර උඩ තට්ටුවේ බැල්කනි එකේ. එක අතකින් වතුර බෝතලයක් අරන් ඒක mic එකක් වගේ තියාගෙන පොඩි සින්දුවක් මුමුන මුමුන අනිත් අතින් ඒ සින්දුවේ තාලට හරියන්න එයාගෙ චූටි ඇගිලි වලින් අත්වැටට පොඩ්ඩක් තට්ටු කර කර එහෙට මෙහෙට ඇවිද ඇවිද එයාගෙම ලෝකෙකෙ අතරමං වෙලා හිටියේ...

ඒ එක්කම ඉස්සරහ ගෙදර දිහාත් බලන්න ජිමින් අමතක කලේ නෑ.. ජිමින් හිටපු තැනට ටේ ගෙ කාමරේ හොදට පේනවා..

කාමරේ දිහා බල බල තනියම හිනා වෙන ගමන් හිටපු ජිමින්ගෙ අවදාන එක පාරට නැති වෙලා ගියේ ටේ ගෙ කාමරේට කව්ද shirtless කෙනෙක් එනවා දැකපු නිසා.

ඒ ඒක්ක්ම ජිමින් පොඩ්ඩ්ක් පහත් වෙවී ඒ ආපු කෙනාගෙ මූන බලන්න හැදුවා ඒ ඇතුලට ආපු කෙනා දැකලා ජිමින්ට උඩට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා...

ඒ ආවෙ ටේ ....

රතු පාට short එකක් ඇදලා අතින් කොන්ඩේ හද හද උඩට ඇදුමකුත් නෑ..

හම්බෝ.....මෙයා මනුස්සයෙක්ද නැත්තන් අපේ පොත් වල ඉන්න ග්‍රීක දෙවියෙක්ද.. ලස්ස්න ..........

මෙච්චර ලස්ස්න උරහිස් දෙකක්ද එතකොට මම මාසජ් කරේ....

ජිමින්ට ඒක මතක් වෙලා නම් ලාවට හිනාවක් ගියා

ජිමින් එහෙම්ම ටේ ට පෙන්නෙ නැති වෙන්න එතන තිබ්බ කනුවක හැංගිලා ටේ දිහා බලාගෙන හිටියා...

ටේ ඇවිත් එයාගෙ මේසෙන් වාඩි උනා.. එහෙම්ම මේසෙ ලාච්චුවෙන් රතු පාට ඩයරියක් එලියට ගත්ත ටේ ඒකෙ මොන මොනවදෝ ලියන්න ගත්තා.. ටික වෙලාවක් මොන මොනවදෝ ලිය ලිය හිටපු ටේ ලියලා ඉවර වෙලා එයා ලියපු දේවල් දිහා බලලා හිනා වෙන ගමන් පොත ආපහු ලාච්චුවට දැම්මා...

ලාච්චුවට දාන ගමන් ම ටේ බැලුව ජිමින්ලගෙ ගෙදර දිහා.. ජිමින් හැංගිලා ටේ දිහා බලාගෙන ඉන්නවා..ජිමින් ඉක්ම්නට එයාගෙ අතේ තිබ්බ වතුර බෝතලේ ඇරලා ඒකෙ තිබ්බ වතුර ටික එතන තිබ්බ පැල වලට හලන ගමන් හිටියේ නිකන් එයා පැල වලට වතුර දානවා වගේ..

 i was always yours 💞Where stories live. Discover now