chapter 5💗

178 47 26
                                    

ජිමින් කාමරේට එනකොට ටේ ඇද උඩ නිදාගෙන හිටියේ ජිමින්ව දැකපු ගමන් ටේ ඇද උඩ වාඩි උනා..

හ්ම්ම් ඉවරද දෙන්නගෙ gossip  එක.. ඇද උඩ වාඩි වෙන ගමන් ටේ ජිමින්ගෙන් ඇහුවා...

ඒක gossip  එකක් නෙමේ ටේ..

ජිමින් ටිකක් දුකින් වගේ ටේ දිහා බලාගෙන කිව්වා..

ටේ ට තේරුනා අම්ම ජිමින් එක්ක කතා කරලා තියෙන්නෙ මොනවද කියලා...

ආපහු........ කෙනෙක්ව බලලද ?ටේ නිකන්  සැකෙන් වගේ ජිමින් ගෙන් ඇහුවා..

හ්ම්ම් .. ආපහු..... ජිමින් එහෙම කියන ගමන් ඇවිත් ටේ ගෙ එහා පැත්තේ වාඩි උනා....

ඒ පාර කාවද බලලා තියෙන්නෙ ?

ගෑනු ලමයෙක් ... බුසාන් වල ඉන්නේ... හරිම ලස්සනයි හරියට නිකන් princess කෙනෙක් වගේ... ජිමින් කලින් පාර කිව්ව විදිහටම ටේ ට කිව්වා...

හම්බෝ... ජිමින් ඇති ඇති.. මට අහන්න ඔනේ නෑ ඕවා...ඉතින් අම්මා මොකද කිව්වේ ඔයා මොනවද කිව්වේ....

ම්ම්ම්......

ජිමින් එහෙම්ම ටේගෙ පැත්ත හැරුනා.

මෙහෙමයි ඔම්මට ඕනේ එයාලගෙ ගෙදර අයට කතා කරන්න. මම හිටපු නිසා හොදයි කොහොම හරි නවත්තගන්න පුලුවන් උනා....


හැබැයි......





හැබැයි..... ටේ ටිකක් කුතුහලයෙන් වගේ ඇහුවා....

මෙහෙමයි මට ඔයා එක්ක එයාලට කතා කරන්න කිව්වා....

ඒකයි මම දැන් ආවේ....

මොකා?.... ඔයා කියන්නෙ දැන් මම ඒ කෙල්ලට කතා කරලා date එකකට අඩගහන්න කියලද ? පන ගියත් අම්මපල්ල ජිමින් මම ඒක නම් කරන්නෙ නෑ...

ටේ කියවගෙන කියවගෙන යනවා...

ජිමින් ටේ ගෙ කට අතින් වැහුවා....

ටේ.... ඔහොම පිස්සෙක් වගේ කියවන්න එපා..  මට කියන්න ඔයා දැන් ඒ ගෑනු ලමයට කැමතිද? ...

ජිමින් හිටියේ තාමත් ටේ ගෙ කට එයාගෙ අතින් වහගෙන.. ටේ ට කතා කරන්න බැරි නිසා ටේ නෑ කියන්න එයාගෙ ඔලුව දෙපැත්තට වැනුවා..

ජිමින් ගෙ මූනේ ලාවට පොඩි හිනාවක් ගියා... ටේ ගෙ වැඩේ නම් හරි ... ඒත් ඔම්මා... එයා කතා කලොත් එහෙම... ඒ වෙලාවෙ ජිමින්ගෙ ටිකිරි මොලේට හොද අදහසක් අවා...

 i was always yours 💞Where stories live. Discover now