ජිමින් එයාගෙ කාමරේට ඇවිත් දොර වහගත්තේ එයාට එයාව පාලනය කර ගන්න බැරි උන නිසා.. ඇස් දෙකෙන් කඳුළු ගඟක් වගේ ගලාගෙන යද්දි ජිමින් පුලුවන් තරම් කෑ ගහලා ඇඩුවේ එයාගෙ වේදනාව අඩු වෙයි කියලා පොඩි හරි බලාපොරොත්තුවකින් ...
1 month later
ජිමින් එදා ඉදලා කා එක්ක වත් කතා කලේ නෑ .එයා පුලුවන් තරම් එයාගෙ පාඩම් වැඩ ගැන අවධානය යොමු කරා. ජින් ,සුගා, ,හොබි එක්කවත් ගෙදර අය එක්ක වත් එයා කතා කලේ නෑ. උදේ ඉදලා හවස් වෙනකම් වැඩ කරලා රෑට ඉදලා එලි වෙනකන් කලේ එයාගෙ හිතේ තියෙන දුක අඩු කරගන්න අඩපු එක. ආපහු උදෙම්ම නැගිටලා ඉදිමුන ඇස් එක්ක එයාගෙ වැඩ කරන්න පටන් ගත්තා. ජිමින් ගෙ මේ හැසිරීම අනිත් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණත් එ අය ඒ ගැන මුකුත් ඇහුවේ නෑ. ජිමින්ට මේ ජීවන රටාව වෙලාවකට සහනයක් උනා මොක්ද කිසි දෙයක් ගැන එයාට හිතන්න වෙලාවක් තිබුනේ නෑති හින්දා.
ජ්ංකුක්, සුගා ,හොබී , මේ අය මොන තරම් ජිමින් ගෙ හිත හදන්න හැදුවත් ඒ කිසි දෙයකින් වැඩැක් උනේ නෑ... ටෙ.. ටේ හැමදාම වගෙ ජිමින්ට කෝල් කලා හැබැයි ජිමින් ඒ කිසි කෝල් එකක් ආන්සර් කලේ නෑ.. ජිමින්ව හම්බෙන්න ගෙදරට ආවත් ජිමින් ජින් ගෙ අතේ කියලා යැව්වෙ එයාට කාවවත් හම්බෙන්නෙ උවමනාවක් නෑ කියලා..
-------------------------------------------------------------
2 weeks later.
වෙනදා වගේම අදත් ජිමින්ට එක් වේදනාකාරි උදෑසනක් උනා. උදෙන්ම නැගිටලා පොඩිකෑමක් අරගෙන ජිමින් ආපහු ආවෙ පාඩම් කරන්න. ඒ එනකොට ජිමින් දැක්කා එයාගෙ ජනේලයෙක් එයාට එහා පැත්තේ බැලකනි එකෙ ඉදලා එක හුරුපුරුදු මූනක්. ඒ හැඩරුව දැක්ක ගමන් ම ජිමින් ගෙ ඇස් දෙකට ආපහු කඳුළු නවත්තගන්න එයාට බැරි උනා.. ඒ එක්කම ජිමින් ගියේ ජනේලය වහලා දාන්න.හැබැයි එහා පැත්තේ හිටපු කෙනා නම් එච්චර හොදින් කියලා පෙනුනේ නෑ..
එකපාරටම තම්න්ගෙ මේසේ ලගට ආපු ටේ මේසෙ උඩ තිබ්බ හැම පොතක්ම විසික් කරලා දැම්මා..ඒ එක්ක්ම පොත් රාක්කේ තිබ්බ පොතුත් එහෙට මෙහෙට විසික් කරලා දැම්මේ පිස්සුවෙන් වගේ..ජිමින් මේ හැම දේම බලාගෙන හිටියේ..ටේ ගෙ මෙ හැසිරීම එයාට ප්‍ර්ශ්නයක් උනත් එයා ඒ ගැන හිතන්නේ නැතුවෙ ඉන්න උත්සහ කලා..
YOU ARE READING
i was always yours 💞
Fanfictionමතකද සඳ ඇති හැම තැනම තිබුනා එක තනි තරුවක් ලගින්ම මතකද ඔබ හිටි හැම තැනම මමත් හිටියා ඒ ලගකම සිතුම් ගියෙදෝ පා වෙලා අවාරේ ආ සුලඟේ පැටලිලා ඔබත් ගියෙදෝ සැඟවිලා මා සුසුම් මඟ හැරලා නොදැනුනිද උණුහුමක් හිදිනා විට ලගින් දන්නේද නුඹෙන්නම් දැනුනා මහ උණුසුමක් නෙත...