Chapter 01

1.2K 152 38
                                    

හාහ් ! සෑහෙන දවස් ගානක් ඔට්ටු වෙලා මගේ ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න පුලුවන් වුනා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

හාහ් ! සෑහෙන දවස් ගානක් ඔට්ටු වෙලා මගේ ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න පුලුවන් වුනා.
'Le belle's සඟරාවේ, හිතාගන්න බැරිතරම් ලස්සන ප්‍රංශ මොඩල් කෙනෙක් වෙච්චි ලොරා ගේ ෂුටින් එක, මොකක්දෝ පිනකට මට කරන්න හම්බුනා. ලන්ඩන්වල ම තිබ්බ ෂූට් එක නියමෙටම කරන්න පුළුවන් වුන හින්දා මං හිටියෙ ෆුල් හැපි එකේ. මොකද ඉතින් ඔය වගේ
මහා විසාල වැඩක් photography කරන ගැහැණු ළමයෙක්ට හම්බ වෙනවා කියන්නෙ ඉතින් සුපිරිනේ..... Capturing, editing, fixing ඔක්කොම මගේ තිබ්බ මාන්නෙට තනියම ම කරපු නිසා, දවස් ගානක් screen එක දිහා බලාගෙන ඉඳලම මගේ ඇස් නලියන්න ගත්තා.

වැඩේ ඉවර වෙච්චි සතුටට ඉඳන් හිටපු පුටුවෙන් පැනලා ඒ අහිංසක පුටුව 1542 පාරටත් විසික් කරලා පොඩ්ඩක් කෑගහලා බලද්දි දැක්කේ වෙලාව හයයි කියලා. සතියක් විතර ඇතුලෙම
හිටපු හන්දා පොඩ්ඩක් එලියට ගිහින් ආවා නම් හරි කියලා මට හිතුනා. කියන්න බෑනේ මොකක්හරි වෙලා මිනිස්සුන්ව නගරෙන් අයින්කරලා හරි, මගේ අසල්වැසි සෙට් එක මිනීමස්
කන සොම්බිලා වෙලා ද හරි කියලා.....මොනා වුනත් අපි දැනුවත් වෙලා ඉන්න එපැයි. ඉක්මනට ම මගේ පහසුම ඇඳුම ඩෙනිමට මං වගේ තුන් ගුණයක් විතර විශාල ටී ෂර්ට් එකත් දාගෙන...
මගේ කාලාන්තරයකට සැරයක් පීරන දුඹුරු පාට කොණ්ඩය උරහිස් මතින් දාගත්තෙ එහෙම තවත් පහසු නිසා. යන්න කලින් මං කණාඩියෙන් බැලුවා.ඒ තරම්ම අමනුස්ස පාටක්නම් නැහැ... දවස් කිහිපයක් නිදි මරපු හින්දද කොහෙද මගේ අළුපාට ඇස් යට ටිකක් කලු වෙලා. මගේ අසල්වැසියෝ කෙසේ වෙතත්
මගේ නම් පොඩි සොම්බි පෙනුමක් තිබ්බා.
"ඕනෑ එකක් ඔලීවියා..." මං මටම කියාගත්තා..

මං මගේ පැටියා ව අතට ගත්තා, මං කිව්වෙ මගේ කැම් එක..1960 vintage CANON එකක්,  පුංචි පික්නික් එකක් යනවනම්, නැත්තම් හිටපු ගමන් නගර සිරි නරඹන්න යනවා නම් , රෑ දෙගොඩ හරියේ ජනේලේ ගාවට ආපු පුසා ව
ෆොටෝ ගන්න කැමති නම් එහෙම මරු
භාණ්ඩෙ... එල්ලලා තිබුනු කැමා ඩිසයින් එකේ මං ආසම ජැකට් එකත් දාගෙන මං එලියට බැස්සා. මං හිටියේ තේම්ස් ගඟෙන් නැගෙනහිර පැත්තෙ තිබුනු ෆ්ලැට් එකක, අපාර්ට්මන්ට් එක
ගොඩක් ලොකු නැහැ, ඒත් ඉතින් මං වගේ තනිකඩයෙක්ට නම් හොඳට ගැලපෙනවා. දිගටම තිබුනු අපාර්ට්මන්ට්
වලින්, වීදි ලාම්පු වලින් එලිය වෙලා තිබුනු අතුරු පාර දිගේ තේම්ස් ගඟෙන් ආපු හුළඟ නිසා තිබෙන්නේ ටිකක්
සීතල ගතියක්. හැබැයි හරිම ලස්සනයි,
නිස්කලංක යි. ඔන්න ඔහොම වට පිට බලන ගමන් හෙමීට මම ගාට ගාට පාලම ගාවට ආවා.

One Night Love At London  ( COMPLETED )Tahanan ng mga kuwento. Tumuklas ngayon