Chapter 03

558 118 31
                                    

"සීනි......( Sugar....)
සීනි..........."(Sugar....)
අපි පණ කඩාගෙන දුවද්දි සෑහෙන ඇතින් මට ලාවට වගේ ඇහුණා.

මොකක් ? දුවද්දී මගේ මොළය හරියට function වෙන්නැද්ද ...නැත්තම් ඉතින් ගෙදර සීනි නෑ කියලා  ඒ අයට අපිව මරන් කන්න වගේ පස්සෙන් එන්න ඕනද ???

යුන්ගි දිහා බලන්න ඔලුව හරවන්නවත් මට වේලාවක් තිබුනේ නැත්තෙ මම ඒ හාදයාගේ ජීවිතේ බේරගන්න එයාවත් ඇදගෙන කවුද අපේ පස්සෙන් එලවන්නෙවත්, හරියට යන්නෙ කොහෙදවත් කියලා නොදැන පණ කඩාගෙන දුවමින් හිටපු හන්දයි.

එක එක ෆ්ලැට්ස් , බිල්ඩින්ග්ස්  කැෆේ, රෙස්ටොරන්ට් තිබිච්චි පුංචි අතුරු පාරවල් දිගේ සිහියක් නැතිව පුංචි මීයෝ දෙන්නෙක් වගේ , අපේ පිටිපස්සෙන් ඇහුණු සද්ද ඇහෙන එක නැත්තට නැති වෙනකම්ම දුවලා අන්තිමෙදි එකදිගට වහලා තිබුනු shops කීපයක් ගාව නැවතිල අපි හති අරින්න ගත්තා.

"හාහ්...  මරු..."
එයා හති අරිමින් සතුටින් උඩ පැන පැන වගේ කිව්වෙ හරියට මේ දැන් මැරතන් එකක් දුවලා පළවෙනි ස්ථානය ගත්තු පොඩි ලමයෙක් ගානට..

මම අත් දෙකත් බැඳගෙන ඔලුව අංශක ගානක් ඇලකරලා සාමාන්‍යයෙන්  ගොඩක් events වලදි ගෑනුලමයිට  photography ගැලපෙන්නේ නෑ කියලා කියද්දි දාගන්න රැවිල්ල දාගෙන එයා දිහා  පුලුවන් උපරිම භයානක විදිහට බලාගෙන හිටියා.

"මොකද ? "
ඒ ගැන ගානක්වත් නැතිව යුන්ගි ඇහුවා.

අනේ මේ මනුස්සයා ගේ මොලේ හෙල්ලිලාවත්ද දුවපු දිවිල්ලට ... මට මතක විදිහට සීනි ඕනේ කිය කිය කෑගහන ජනතාවක් සොම්බිලා වගේ අපේ පස්සෙන් එලවගෙන ආවා...

"මොකක්ද මේ සිද්ධවෙන්නෙ?  " මම සන්සුන් ව ඇහුවා.

"ආහ්.... අලුත් දෙයක් නෙවෙයි.."
එයා කිව්වෙ හරියට ' ඇයි අනේ මතක නැද්ද ගිය සතියෙ බටර් කිය කිය කෑ ගහපු මිනිස්සු කට්ටියකගෙන් අපි බේරිලා දිව්වෙ වගේ  තාලේකට......

මම සද්ද නැතිව බලාගෙන හිටියා.

දෙන්නම මූණට මුණ බලාගෙන හිටපු මිනිත්තු ගානකට පස්සෙ එයා සුසුමක් හෙලුවා.

"හැබැයි , ඔයා මාත් එක්ක ඉන්න විදිහ වෙනස් කරන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න...."

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now