Chapter 10

457 102 14
                                    

"අනේ.... වතුර එකක්.."

කට දෙපැත්තට ඇදෙනකම්ම හිනාවකුත් දාගෙන මම කිව්වෙ මගේ ලගින්ම හිටපු ජේක් ට , මාත් එක්ක ගොඩක් ෆිට් වෙච්චි අපේ crew එකෙ ඉන්න කොරියන් කොල්ලෙක්...

"හරි ..." කියපු එයා දුවලා ගියා. මොනාවුනත් හිත හොද කොල්ලා...

අපි shootings පටන්ගත්තෙ පාන්දර , මං කියන්නෙ 6ට විතර.. මට පාන්දර තමා ඉතින්..

පැය තුනක් තිස්සෙ අපි එක දිගට solo shoots කලා.

BTS leader , Kim namjoon අර ඩිම්පල් තරුණයා අනේ බැලුවත් පින් පාටයි, එයා මාත් එක්ක සෑහෙන වේලාවක් කතා කර කර හිටියා.. එයාගේ shoot එක ලැබුනෙ අපිට...

ඒ අතරමග මට දරුණු තිබහක් ආවට හත්ගව්වක් දුර තමා වතුර බෝතල් තිබුනේ...

නම්ජුන් ඈතට වෙන්න ඉඳගෙන හිටියෙ එයාගේ කොණ්ඩෙ ටිකක් හරිගස්සන්න ඕනේ කියලා අර මේකප් සහෝදරියක් කියපු හින්දා... විනාඩි දෙක තුනකින් අපි ආපහු පටන් ගන්නත් ඕනේ..

"තොහ්..."
මට එහා පැත්තෙන් කැමරා ආම්පන්න එහෙම තියන්න තිබුනු උස ස්ටූල් එකෙන් සද්දයක් ඇහුණ නිසා මං ඒ පැත්තට හැරුණා.

එහෙම මහා සද්දෙන් තියලා තිබ්බෙ straw එකක් ගහලා තිබුනු වතුර බෝතලයක්..

ඒ ලගම යුන්ගි හිටගෙන අත් දෙක බැදගෙන හිටියා. එයා ඇස් වලින් මට වතුර එක පෙන්නුවා.

මේ වෙනකන් ම යුන්ගි studio එකෙ හිටියෙ නෑ කියලා මට හොඳටම විශ්වාසයි. අනිත් එක එයාගේ shoots මුකුත් තිබ්බෙත් නැහැ...මේකයි එයාට හෙවනැලි වලට මුවාවෙලා වෙස් වලාගෙන අඳුරත් එක්ක මුසුවීමෙ අභූත හැකියාවක් තියෙනවද දන්නෙ නෑ ඉතින්...

මං ටික වේලාවක් එයා දිහා බලලා වතුර එක අතට ගත්තා.
"හායී...."

අනේ නෑ මට අමතක වුනානේ එයාට හිතුනොත් ඇරෙන්න එහෙම වැඩි කතාවක් නෑනේ...

ඒක එයා බීබී හිටපු එක වගේ පෙනුනු හන්දා මම හෙමිහිට straw එක අයින් කරලා ස්ටූල් එකෙන් තිබ්බා.

එයා අතේ තිබ්බ ෆෝන් එක දිහා බලාගත්තා, මාස්ක් එකත් ගලවපු ගමන්ම වගේ අතේ තිබ්බෙ.. එයා ආවේ දැන් වෙන්නැති..

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now